මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදි නුවරඑලිය දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන කිහිපයකටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධාන...
මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදි නුවරඑලිය දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන කිහිපයකටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය වශයෙන් ලංකා කම්කරු කොංග‍්‍රසය සමග සන්ධාන ගත වී කුකුළා ලකුණීන් තරග කිරිමට එකගතාවය ඇති කරගෙන ඇතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු දමිළ අපේක්‍ෂකයන්ගේ නම් නාම යෝජනා ලැයිස්තුවට ඇතුලත් කරගෙන නොමැතිව නුවරඑළිය දිස්ති‍්‍රක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක පෙරියසාමි ප‍්‍රදිපන් මහතා අවධාරණය කරයි.
පෙරියසාමි ප‍්‍රදිපන් මහතා ඒ බැවි අවධාරණය කර සිටියේ ඊයේ (17) පස්වරුවේ හැටන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදිය.
මස්කෙළිය ප‍්‍රාදේශිය සභාවට නොර්වුඩ් ප‍්‍රාදේශිය සභාවට තමන් විසින් ලබා දුන් කිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂික දමිළ අපේක්‍ෂකයන්ගේ නම් නාම යෝජනා ලැයිස්තුවට ඇතුලත් කර නොමැතිව ලංකා කම්කරු කොංග‍්‍රසයේ සාමාජිකයන්ගේ නම් පමණක් ඇතුලත් කරමින් නාම යෝජනා පත‍්‍රය සකස් කරමින් තමන්ගේ නම ජාතික ලැයිස්තුවට ඇතුලත් කර ඇති බවයි පෙරියසාමි ප‍්‍රදිපන් මහතා මෙම මාධ්‍ය හමුවේදි කියා සිටියේය.
හැටන් දික්ඔය නගර සභාවටද තමන් ලබාදුන් නමි ඇතුලත් නොකර සිංහල අපේක්‍ෂකයන් තිදෙනෙකුගේ
නම් පමණක් ලංකා කම්කරු කොංග‍්‍රසය මගින් ඇතුලත් කර ඇති බව පෙරියසාමි ප‍්‍රදිපන් මහතා කියා සිටියි. පවත්නා තත්ත්වය මත වතුකරයේ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් මෙවර පළාත් පාලන මැතිවරණයේදි ජන්දය පාවිච්චි කිරිමට අපේක්‍ෂකයෙකු නොමැතිව ගැටළුවකට මුහුණු පා ඇති බවද පෙරියසාමි ප‍්‍රදිපන් මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් මහින්ද අමරවීර යන මහතුන් දැනුවත් කළ බවද පෙරියසාමි ප‍්‍රදිපන් මහතා මාධ්‍ය හමුවේදි වැඩි දුරටත් කියා සිටියහ.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS