දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හේශා විතානගේ, පාර්ලිමේන්තුවෙන් සබරගමුවේ මහ ඇමති සටනට.
Homeප්‍රවෘත්ති

හේශා විතානගේ, පාර්ලිමේන්තුවෙන් සබරගමුවේ මහ ඇමති සටනට.

PropellerAds

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රක්වාන ප්‍රධාන ආසන සංවිධායක හේශා විතානගේ ලබන මාසය තුළදී පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට වටපිටාව සැකසෙන...

Two officers responsible for Parliament slippery floors, slip to China
බැදුම්කර බෑණා මිලියන 75ක සල්ලි ගෝනියක් රනිල්ගේ ගෙදරටම ගිහින් දීලා.. බැදුම්කර මාමා සිංගප්පූරුවේ සිට හෙලි කරයි
පාරේ නැටුවට අපේක්‍ෂකම් ලැබෙන්නේ නෑ.. ව්‍යවස්ථානුකූලව එනු - ඇමති වජිර

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රක්වාන ප්‍රධාන ආසන සංවිධායක හේශා විතානගේ ලබන මාසය තුළදී පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට වටපිටාව සැකසෙන බවට ආරංචි මාර්ගවලින් සැළ වී ඇත

එමෙන්ම ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ 6 ස්ථානය ලබා ගෙන සිටින සිරිපාල කිරිඇල්ල පළාත් සභා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව දක්වා සුදුසුකම් ලබනු ඇත

හේශා විතානගේ යනු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ලාබාලම මන්ත්‍රී වරයකු වන අතර එතුමා ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ප්‍රාදේශීය ප්‍රාදේශිය කොට්ඨාශය තුළ වැඩිම මනාප ලබා ලබා ගනිමින් සභාපති වරයා වශයෙන් ද එලෙසම ප්‍රාදේශීය සභා නිල කාලය ඉකුත් වීමට පෙර පළාත් සභා මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වී එම වකවානුව තුළ ම පාර්ලිමේන්තු මැතිවරණයට තරග කොට පාර්ලිමේන්තුව දක්වා රත්නපුර දිස්ත්‍රික්කයේ තුන්වැනි ස්ථානය පත් වූ තරුණ මන්ත්‍රිවරයෙකි.

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මැතිතුමා ගේ සහ පක්ෂයේ සෙසු ජේෂ්ඨයන් සහ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුශාසනා මධ්‍යයේ එළැඹෙන පළාත් සභා මැතිවරණය අරමුණු කොට ගනිමින් සබරගමු පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂකයා වශයෙන් නම් කොට ඇති අතර සමස්ත රත්නපුර දිස්ත්‍රික්කය ඓතිහාසික ලෙස එක්සත් ජාතික පක්ෂය ජය තහවුරු කර ගැනීමට ඒ මහතා එළඹෙන මාසයේ පාර්ලිමේන්තුවෙන් ඉවත් වී ඡන්ද සටනට සූදානම් වන බවට ආරංචි මාර්ග සඳහන් කරයි

එමෙන්ම රක්වාන ආසනයේ ප්‍රධාන ආසන සංවිධායකවරයා වශයෙන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා හේශා විතානගේ මන්ත්‍රීවරයා නැවත වරක් පත්කොට ඇති බවත් වැඩිදුරටත් සඳහන්ය.

එමෙන්ම ඉදිරිපත් පළාත් සභා මැතිවරණය අරමුණු කොට ගනිමින් එක්සත් ජාතික පක්ෂය ආසන නොමැති මන්ත්‍රීවරුන් හට ආසන ලබා දී ඡන්ද සටන දියත් කිරීමට අවශ්‍ය පසුබිම සකසා දීම එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වන බවත් සඳහන්ය.

රූකාන්ත සහ තරංග කෑගල්ලෙන් සබරගමුවට

එළඹෙන පළාත් සභා මැතිවරණයේ දී සබරගමුව පළාත් සභාවට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට ප්‍රකට චරිත දෙකක් ඉදිරිපත්වන බවට Info Sri Lanka News වෙත වාර්තා වේ.

මේ වන විට ඒ සම්බන්ධ මූලික වටයේ සාකච්ජා සාර්ථකව අවසන්වී ඇති බවද අප වෙත ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වෙතින් දැනගන්නට ලැබී ඇත.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රවීන ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා තරඟවැදීමට නියමිත අතර එක්සත් ජාතික පක්ෂය තුලින් ඔහුට ලැබී ඇති ආරාධනයට මේ වනවිට ඔහු කැමැත්ත පළකර තිබෙන බව ද වාර්තා වේ.

එසේම ඒ පිලිබඳ වැඩිදුර සාකච්ජා මේ වනවිට දෙපාර්ශවය අතර සිදුවන බවද සඳහන් වේ. කෙසේ නමුත් ගුණතිලක මහතා මේ වනවිට ඇමරිකාවේ පදිංචිව සිටි.

ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ යටතේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් හිටපු ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක තරංග පරණවිතාන මහතා කෑගල්ල දිස්ත්‍රික්කයට තරඟ වැදීමට නියමිත බවත් ඊට අදාල සාකච්ජා, ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් සමග පවත්වා ඇති අතර මේ වනවිට ඊට දෙපාර්ශවයේ එකඟතාවය පලවී ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.


මේ වනවිට පළාත් සභා රැසකටම ප්‍රවීන චරිත රැසක් ඉදිරිපත්වන බවට ආරංචි ලැබෙමින් පවතින අතර සබරගමු පළාත් සභා මැතිවරණය ඉහත තත්ත්වය හමුවේ උනුසුම්වනු ඇති බවද එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන්කර සිටියි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හේශා විතානගේ, පාර්ලිමේන්තුවෙන් සබරගමුවේ මහ ඇමති සටනට.
හේශා විතානගේ, පාර්ලිමේන්තුවෙන් සබරගමුවේ මහ ඇමති සටනට.
http://ift.tt/2ff6n4m
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_755.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_755.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy