නව පත්වීම ලබා සේවය ආරම්භ කරද්දී සමාගම් හිමිකරුවන්ගේ සාක්කුවට වැටෙනවා ද නැත්නම් වැඩ කරන ජනතාවගේ හදවත තුළට වැටෙනවා ද කියා තීරණය කරන්නැයි ජනා...
නව පත්වීම ලබා සේවය ආරම්භ කරද්දී සමාගම් හිමිකරුවන්ගේ සාක්කුවට වැටෙනවා ද නැත්නම් වැඩ කරන ජනතාවගේ හදවත තුළට වැටෙනවා ද කියා තීරණය කරන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ඒ කොළඹ බණඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ඊයේ (1) පැවැති නවක කම්කරු නිලධාරින් 191 දෙනකුට පත්වීම් පිරිනැමීමේ උත්සවයක් අමතමිනි.
එහිදී ජනාධිපතිවරයා මෙසේ අදහස් දැක්විය.
‘‘ඔබේ ජීවිතයේ පෞද්ගලික අරමුණු ඉටු කරගන්න ඔබ යොමුවන්නේ ජාතික වගකීමක් සහිත රැකියාවක් සමඟයි. නව පත්වීම් ලබන ඔබ සතුටින් ඇතැයි සිතනවා. ඔබ සතුටින් සිටියත් අද මේ රටේ එක්තරා පිරිසක් මේ මොහොතේ නොසතුටින් සිටින බව ඔබ දන්නවා ද? ස්වභාවික විපත් ගංවතුර සුළං ආපදා ආදී තත්ත්වයන් තුළ ජීවිත කිහිපයක් විනාශ වෙලා. දේපල අහිමි වෙලා. ඒ ගැන රජය නොසන්සුන් වෙලා කලබල වෙලා ඉන්න වෙලාවක්. ඔවුන් ගේ මේ වේදනාව අපත් හවුල් වී සමනය කළ යුතුයි. රජයක් හැටියට ඒ අයගේ සුබ සාධනයට සියලූ දේ අපි කරනවා. ජාතික ආපදා සිදුවූ සියලූ අවස්ථාවන් හිදී ති‍්‍රවිධ හමුදාව පොලිසිය ඇතුළු නිලධාරින්ගේ සේවය අපි අගය කළ යුතුයි‘‘ යැයි ද ජනපති කීය.
COMMENTS