සැලසුමක් නොමැති නිසා කඩාගෙන වැටී ඇති බවත් රට පාලනය කරන්න එකඟතාවයක් නොමැතිකම නිසා මේ ගැටළු ඇති වන බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් ත...
සැලසුමක් නොමැති නිසා කඩාගෙන වැටී ඇති බවත් රට පාලනය කරන්න එකඟතාවයක් නොමැතිකම නිසා මේ ගැටළු ඇති වන බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්නායක මහතා පවසයි.
ඒ පෙරේදා (29) අස්ගිරි මහා විහාරයට ගොස් අසිගිරි පාර්ශවයේ මහ නායක ඇති පුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහ හිමියන් බැහැ දැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට මෙසේ අදහස් දැක්විය.
“පහුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය වෙනස් කරන්න ඇති කර ගත්ත එකඟතාවය හැර රට පාලනය කරන්න එකඟතාවයක් නොමැතිකම තමයි මේ ගැටුමට මුල. ඒ වෙලාවේදී එක අරමුණක් වුණා ඒ පාලනය වෙනස් කිරීම සඳහා හැමෝම එකතු කර ගන්න ඕනෙයි කියලා. හැබැයි එකතු කර ගත්තත් ඉන් අනතුරුව කරන වැඩ පිළිවෙල පිළිබද සැලැස්මක්, ඉලක්කයක් නොමැතිකම නිසා අද කඩාගෙන වැටිලා තියෙනවා.”
“ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය උඩින් එකතු වුණා කිව්වට පාර්ලිමේන්තුව තුළ, කැබිනට් මණ්ඩලය තුළ ඇමතිකම් බෙදා ගත්තට බිම් මට්ටමේ එහෙම එකඟතාවයක් නැහැ. ඒක බොහොම පැහැදිලිව පේනවා. මොකද ඒ ගොල්ලෝ මත දෙකක. ඒගොල්ලන්ගේ දර්ශන දෙකක් තිබෙන්නේ. උඩින් යම්කිසි කාරණයකට එකගත්වයකට පත් වුණා කියලා සාර්ථක වෙන්නේ නැහැ වැඩ පිළිවෙලක්. විශේෂයෙන්ම ජාතික වැඩපිළිවෙලක් නොමැතිව ක්‍රියා කිරීම තමයි බරපතලම ගැටුම හැටියට මම දකින්නේ”යැයිද වැඩිදුරටත් පැවසීය.
COMMENTS