දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දරුවන් හිංසනයනයෙන් මුදා ගනිමින් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සියලු දෙනාගෙම වගකිමක්
Homeප්‍රවෘත්ති

දරුවන් හිංසනයනයෙන් මුදා ගනිමින් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සියලු දෙනාගෙම වගකිමක්

PropellerAds

ඒදිනෙදා සමාජයේදී දරුවන්ට මුහුණදීමට සිදුව තිබෙන හිංසනයන්ගෙන් ඔවුන් මුදා ගනිමින් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සමාජයේ වගකිව යුතු සියලුදෙ...

රතන හිමි බලන්න ගිය ඇමති චම්පිකටත් ජනතා විරෝධය
අසාද් සාලි-හිස්බුල්ලා ඉල්ලා අස්වෙන්න එකග වේ.. අස් නොවුනොත් ඉවත් කරන බව ජනාධිපති කියයි
නෙවිල් ප්‍රන්දුගේ ණය ආණ්ඩුව ගෙවන බව හෙළිවෙයි !

ඒදිනෙදා සමාජයේදී දරුවන්ට මුහුණදීමට සිදුව තිබෙන හිංසනයන්ගෙන් ඔවුන් මුදා ගනිමින් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සමාජයේ වගකිව යුතු සියලුදෙනා සාමුහික වැඩපිළිවෙළකට එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා.

අද (08) පෙරවරුවේ දිගන මධ්‍යම පළාත් කි‍්‍රඩා සංකීර්ණයේදී පැවති “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා සදහන් කළේ මෙම ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ආගමික නායකයින්, දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරින් මෙන්ම සමාජයේ සෑම පුරවැසියෙක්ම ඒකරාශී විය යුතු බවයි.

දරු පරපුර සුරක්ෂිත කොට ඔවුන්ට සමාජයේ ආරක්ෂාකාරීව ජීවත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමේ අරමුණින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ජනාධිපති කාර්යාලය විසින් “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහන කි‍්‍රයාවට නංවා තිබේ.

ගෘහස්ථ ළමාහිංසනය, ලිංගික අපයෝජනය, අපරාධ සඳහා ළමුන් යොදා ගැනීම සහ ළමා ශ‍්‍රමය සූරාකෑම ඇතුළු වත්මන් ළමා පරපුරට මුහුණදීමට සිදුව ඇති හිංසනයන්ගෙන් ඔවුන් මුදාගෙන සුරක්ෂිත කිරීමට කටයුතු යෙදීම මෙම ජාතික වැඩසටහනේ අරමුණයි.

මේ යටතේ සෞඛ්‍ය අධ්‍යාපනය, මනෝ උපදේශනය සහ නීති උපදේශනය ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවක් ඔස්සේ දරුවන් බලගැන්වීමට නියමිතය.

වසර තුනක කාලයක් තුළ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට නියමිතව ඇති අතර දිවයින පුරා පළාත් දිස්ති‍්‍රක්ක සහ ප‍්‍රාදේශීය මට්ටමින් වැඩසටහන කි‍්‍රයාත්මක කරනු ලබයි.

“දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව

මේ සුන්දර උදෑසන භාග්‍යවන්තවූ, පින්වන්තවූ ඔබ ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. දීදරුවන් රකිමු. ජාතික වැඩසටහනේ අවුරුදු තුනක සැලැස්ම ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමයි මේ උත්සවයේ ප‍්‍රධාන අරමුණ. මේ වැඩසටහනට සහයෝගය දක්වන සියලුම මැති ඇමතිවරුන් අමාත්‍යාංශ, රාජ්‍ය නිලධාරීන්, විශේෂඥ කමිටු, අනුග‍්‍රහය දක්වන සෑම කෙනෙකුටම මගේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා.

දරුවන් රකිමු ජාතික වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට මූලික වශයෙන් හේතු වූ කරුණු මොනවාද යන්න මා ඔබට නොකීවාට ඒ පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙනවා. දරුවන් රැකීමට ජාතික වැඩසටහනක අවශ්‍යතාවය කුමක් ද? විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය සහ සමාජයෙන් එන විවිධ තොරතුරු සමග මෙවැනි වැඩසටහනක අවශ්‍යතාවය ඔබ සෑම කෙනෙක්ම පිළිගන්නවා ඇතැයි මා විශ්වාස කරනවා. මූලික වශයෙන් දරුවාට, දරුවා ජීවත්වන නිවසෙහි සුරක්ෂිතතාවය තිබෙනවාද? ඔබත් මමත් දන්නා පරිදි දරුවා දෙමව්පියන් සමග ජීවත්වන නිවසෙහි ප‍්‍රශ්නයක් තිබෙන බව අද බොහෝ වාර්තා මගින් අපිට පෙන්නුම් කරනවා. මෙහි සිටිනවා පොලිසියේ නිලධාරී මහත්ම මහත්මීන් රාශියක්. පොලිසිවලට ලැබෙන පැමිණිලිවලින්, අවුරුද්දේ දවස් 365 න් වැඩිපුරම ලැබෙන පැමිණිලි මොනවාද? මම පසුගිය දිනක උත්සවයක අවසානයේදී ළඟම තිබෙන පොලීසියකට ගියා. පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් මම ඇහුවා වැඩිපුර එන පැමිණිලි මොනවා ද කියලා. පොලිස් ස්ථානාධිපතිතුමා මා සමග කිව්වා අපිට වැඩිපුරම එන්නේ පවුල් ආරවුල් පිළිබඳ පැමිණිලි බව. පවුලේ ආරවුල් ඇති වෙනවා නම් ඒ පවුලේ දරුවන්ට නිවස කොතෙක් දුරට අනාරක්ෂිත ද කියන කාරණය ඔබ සෑම කෙනෙක්ම දන්නවා.

සමාජ සමීක්ෂණ ආයතනයක් විසින් පසුගිය වසර දහයක අපේ රටේ විවාහ ජීවිත පිළිබඳව සමීක්ෂණයක් කොට වාර්තාවක් රජයට ලබා දන්නා. අඩු වයසින් විවාහ වන තරුණ පවුල්වලින් 70% ක ගේ පවුල් ජීවිත අසාර්ථක බව එම වාර්තාවේ සඳහන් වෙනවා. පවුලේ දෙමව්පියන්ගේ හැසිරීම් පිළිබඳව ප‍්‍රශ්න මතුවූ විට එම නිවසේ තත්ත්වය සහ එම නිවසේ ජීවත්වන දරුවන්ගේ මානසික තත්ත්වය කෙසේද යන්න ඔබ සෑම කෙනෙක්ම දන්නවා. එපමණක් නොවේ. අද තිබෙන වාණිජ සමාජයේ තරගකාරිත්වය තුළ දෙමව්පියන් ඒ තරගකාරිත්වයට යොමු වෙලා තිබෙනවා.

ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට සම්පත් වැඩිපුර ලබා ගැනීමට සමාජය තුළ ගෞරවයට ලක්වීමට එම තරගකාරිත්වයට යොමුවී තිබෙනවා. ඒ අනුව ඇතැම් දෙමව්පියන්ට දරුවන් අමතක වෙනවා. නිවස තුළ දරුවාගේ ආරක්ෂිතභාවය සහ සුරක්ෂිතභාවය අඩුවීම පිළිබඳව තවත් බොහෝ කරුණු සඳහන් කළ හැකියි. ඒ නිසා දරුවාට පාසල සුරක්ෂිත ස්ථානයක් බවට විශේෂයෙන්ම පත්විය යුතුයි. සමාජයෙන් ලැබෙන තොරතුරු අනුව දරුවාට ආරක්ෂිත සහ සුරක්ෂිත ස්ථානය පාසල බවයි අපිට පෙනී යන්නේ. දරුවන්ගේ අනාරක්ෂිතභාවය පිළිබඳව පාසල්වලින් ලැබෙන වාර්තා ඉතාමත් අවමයි. දරුවන්ගේ අනාරක්ෂිතභාවය පිළිබඳව වැඩිපුර වාර්තා වන්නේ දරුවා පාසලේ සිටින කාලය තුළ නොව, දෙමව්පියන්ගේ භාරකාරත්වයේ සහ ඇසුරේ සිටින කාල සීමාව තුළයි. පාසල්වලින් දරුවන්ට එරෙහි සිදුවීම් පිළිබඳව වන පැමිණිලි සහ ප‍්‍රශ්න ලක්ෂයකට එකක් පමණ තමයි ලැබෙන්නේ. එවැනි දේ නැතුවාම නොවේ.

දරුවාට මහා මාර්ගය ආරක්ෂිත ස්ථානයක්ද? දරුවා යන බස් රථය ආරක්ෂිත ස්ථානයක්ද? දරුවා පාසල් යන පාසල් වෑන් රථය ආරක්ෂිත ස්ථානයක් ද? විශේෂයෙන්ම දරුවා යන පෞද්ගලික පන්ති, උපකාරක පන්ති ආරක්ෂිත ස්ථානයක්ද? මේ පිළිබඳව ඔබටත් මටත් බොහෝ දේ කතා කළ හැකියි. මෙහි සිටින දරුවන් ප‍්‍රමුඛ ඔබ සියලු දෙනාට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන බව මා විශ්වාස කරනවා. ඒ බොහෝ ස්ථානවල අපි දකින්නේ අනාරක්ෂිතභාවයක්.

ඔබට මතක ඇති පසුගිය වසරේ යාපනයේ, විද්‍යා දරුවා පිළිබඳව සිදුවීම. ඒ තරුණ ගැහැණු දරුවා දූෂණයට සහ ඝාතනයට ලක්වූ කාරණාවත් ඔබ දන්නවා ඇති. මොනතරම් සමාජය විෂම ද,මොනතරම් සමාජය අකාරුණික ද අපේ රටේ සිටින ජාවාරම්කාර පිරිසක් තරුණ ගැහැණු ළමයෙක් බලහත්කාරයෙන් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් චිත‍්‍රපටයකට නැගීම සඳහායි එම කාර්යය කර තිබෙන්නේ. එසේ සකස්කර ගන්නාවූ සීඩී පට ජාත්‍යන්තර ජාවාරම්කාරයින්ට මේ රටින් පිට විකුණා මුදල් ලබා ගන්නවා. ඒ දරුවා ඝාතනය කළ ආකාරයත් එම අවස්ථාවේදී සිදුවූ දේ මෙවැනි අවස්ථාවක කීමට හැකියාවක් නැහැ.

ඔබ දකින්නට ඇති, සති දෙකකට පමණ පෙර කුරුණැගල දිස්ත‍්‍රික්කයේ වයස අවු. 17 ක ගැහැණු දරුවෙක් විභාගය ලියා නිවසට පැමිණ සිටින අවස්ථාවේදී සිදු වූ සිද්ධිය. ඒ වයස අවුරුදු 17 ක තරුණ ගැහැණු දරුවා මොනතරම් සිහින මවාගෙන විභාගය අවසන් කර නිවසට එන්නට ඇතිද. ඒ දරුවා නිවසෙහි සිටියදී ඇගේ මව වෙනත් කාර්යයක් සඳහා නිවසින් ගොස්ව තිබුණා. ඒ කෙටි කාලය තුළ දරුවාව දූෂණය කරලා මරලා දැම්මා.

මීට මාස කිහිපයකට පෙර අවුරුදු නවයක ළමයෙක් නිවසේ සිටියදී අතුරුදහන් වෙලා හදිසීයේ දෙමව්පියන් සොයන්න පටන් ගත්තා. දෙමව්පියන් දරුවා නිවසේ සෑම තැනකම සෙව්වා. වත්තේ හැම තැනම හෙව්වා. දරුවා යන එන තැන්වලට ගොස් බැලුවා. නමුත් සොයාගන්න බැරි වුණා. මේ පිළිබඳව සොයන්නට යන්න දරුවාගේ තාත්තා නිවසේ තිබෙන කාර් එකේ දොරවල් විවෘත කළා. අවුරුදු නවයක දරුවා කාර් එක ඇතුලේ මැරිලා සිටියා. මේ දරුවා කාර් එකේ ඇතුළට ගොස් දොර වහගත්තා. දොර අරින්න බැරුව ගියා. උදේ කාර් එක ඇතුළට ගිය දරුවා හවස් වන විට මිය ගොස් තිබුණා. පසුගිය අවුරුද්දේ ඔබ දකින්නට ඇති එක්තරා අපරාධකරුවෙක් නිවසකට ගොස් සිදුවූ සිද්ධියක් පිළිබඳව. ඒ නිවසේ සිටි අම්මා තාත්තා දෙන්නාවම අපරාධකරු විසින් ඝාතනය කළා. දරුවාගේ අම්මාත් තාත්තාත් ඝාතනය කරාට පස්සේ අවුරුදු දහයක පමණ ඒ දරුවා නිවසේ සිටියා. ඒ අපරාධකරුවා ඒ දරුවාව අරගෙන ගියා. දවස් කිහිපයක් හංගලා තියාගෙන හිටියා. ඒ අපරාධකරුවාට දරුවා සගවා ගෙන තැබීම ප‍්‍රශ්නයක් වුණා. මේ අපරාධකරුවා දරුවා උස්සාගෙන ගිහින් ළිඳකට දැම්මා. ඒ අපරාධකරුවා පොලීසියට අහුවුණා. පසුව පොලිස් පරීක්ෂණවලදී කිව්වා මාමේ මාමේ මාව ළිඳට දාන්න එපා කිව්වා. නමුත් ඒ දරුවාගේ හඩට කන් දුන්නේ නෑ අපරාධකරුවා දරුවා ළිඳට අතහැරියා දරුවා මිය ගියා. මෙවැනි සිදුවීම් අපිට කොතෙකුත් කියන්න පුළුවන්.

”දරුවන් සුරකිමු” යන ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාවය ඔබට පෙනී යනවා ඇති කියා මා විශ්වාස කරනවා. ඒ වගේම ඔබ දකින්න ඇති 2015 වසරේ පහේ ශිෂ්‍යත්වය අසමත් වූ දියණියක් නිවසට ආවිට ඒ දරුවාගේ පියා ඒ දියණියට එළියට විසි වෙන්න ගැහුවා. ඒ වසරේදී ශිෂ්‍යත්වය අසමත් වු දියණියක් අම්මාත් තාත්තාත් දෙන්නාම දරුවා නිවසට ගන්නේ නැතුව ගෙදර දොරවල් වහගෙන හිටියා. පහුවදා එළිවෙනකල් ඒ ගැහුණු දරුවා හිටියේ එළියේ. පහේ ශිෂ්‍යත්ව ලියු දරුවෙක් කියලා කියන්නේ අවුරුදු 10 ක 11ක දරුවෙක්. තමාගේ දරුවා වුණත් ඒ දරුවාට පයින් ගහලා එළියට දාන්න දෙමව්පියන්ට අයිතියක් තියෙනවා ද? දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව දෙමව්පියන්ගේ වගකීම කුමක්ද?

අපේ විශේෂඥ වෛද්‍යතුමන්ලා දේශන කරන විට මේ පිළිබඳව බොහෝ දේ පැහැදිලි කළා. මේ අසාමන්‍ය විභාග තරගයක් සමග දරුවන් පත්ව තිබෙන ඉතාමත් දුක්ඛදායක තත්ත්වය පිළිබඳව කතා කළා. ඒ නිසා අපි රජයක් විදියට අදහස් කරනවා විශේෂඥ උපදෙස් අනුව පහේ ශිෂ්‍යත්වය විභාගයත් දරුවන්ගේ අධ්‍යාපනයත් පිළිබඳව ජාතික අධ්‍යපන ප‍්‍රතිපත්තිය සහ සැලැසුම් පිළිබඳව යම් ප‍්‍රතිසංස්කරණ සහ වෙනස්කම් අවශ්‍යයි කියලා. ”දරුවන් සුරකිමු” කියන ජාතික වැඩසටහනේ අපි අද මෙතනට ඇවිත් ඉන්නේ දරුවෝ. මම හිතන්නේ මේ දරුවන්ගේ දෙමව්පියෝ නම් මෙතන නැහැ. මෙතන ඉදිරියේ ඉන්න විවිධ ක්ෂේත‍්‍රවල විද්වත් ප‍්‍රධානීන්. ඒත් දෙමව්පියෝ.අපිට අද ප‍්‍රධාන වශයෙන් දරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව දැනුවත් කරන්න වෙලා තියෙන්නේ මුලික වශයෙන් දෙමව්පියන්. ඒ නිසා ”දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ ඉදිරි වැඩපිළිවෙළේදී අපි දිස්ති‍්‍රක්ක මට්ටමින් වැඩසටහන්වල ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දෙමව්පියන් දැනුවත් කිරීම සඳහා මේ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

අපේ විශේෂඥ වෛද්‍යතුමන් දේශනවලදී නව තාක්ෂණයත් එක්ක දරුවන් මුහුණ දෙන ප‍්‍රශ්න ගැන කතා කළා. ජංගම දුරකනය, පරිගණකය මානව සමාජයට නිෂ්පාදන කළේ, දයාද කළේ ඉතාමත් වැදගත් අරමුණකිනුයි. නමුත් ඒ නිසා අද යහපත් දේ වගේම අයහපත් දේ කොතරම් සිදුවෙනවාද? පාරේ යන විට, ඒ වගේම දුම්රිය මාර්ගවල දරුවන්, තරුණ පිරිස් ජංගම දුරකතනයත් සමග වයර් කනේ ගහන් යන එක ඔබ දැකලා ඇති ඒ තුළ කොතරම් ජීවිත විනාශ වෙනවාද කියලා ඔබ අහලා ඇති ?

මෙතන සිටිනවා කැබනට් මණ්ඩල නියෝජනය කරන ජොන් සෙනෙවිරත්න මැතිතුමා. එතුමා දන්නවා ඇති මීට පෙර කැබිනට් මණ්ඩලයේ දී ජංගම දුරකතන භාවිතය තහනම් කළා. සමහර ඇමතිවරුන් කැබිනට් සාකච්ජාවේ නෑ වයර් කනේ ගහගෙන ෆොන් එකට ඇන ඇන ඉන්න එක තමා කරන්නේ. ඒ ගොල්ලෝන්ට මම කියන දේ ඇහෙන්නෙත් නෑ කැබිනට් මණ්ඩලේ සාකච්ජා ඇහෙන්නෙත් නෑ. ඒ නිසා මම කිව්වා කැබ්නට් මණ්ඩලයේදී ජංගම දුරකතනය පාවිච්චි කිරීම තහනම් කියලා. රාජ්‍ය නිලධාරීන්, ආයතන ප‍්‍රධානීන් රාශීයක් මෙතන ඉන්නවා.

මම පසුගිය අවුරුද්දේ ලංකාවේ අමාත්‍යාංශවල ලේකම්වරුන්, ආයතන ප‍්‍රධානීන්, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් සියලුදෙනාම බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවට ගෙන්වලා රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම් සහ රජයේ ප‍්‍රතිපත්තිය පිළිබඳව පැහැදිලි කරන වැඩසටහන් කළා. ඒ රැස්වීමට සහභාගි වුණේ අමාත්‍යාංශ ලේකම්වරුන්, කොමසාරිස් ජනරාල්වරු, ප‍්‍රාදේශීය ලේකම්වරු, දිසාපතිවරුන්, සියලුම රාජ්‍ය ආයතනවල ප‍්‍රධානීන් යන අය සහභාගි වුණා. ඒ අවස්ථාවලදීත් මම දැක්කා. ඒ වගේම පසුව මගේ මාධ්‍ය අංශයෙන් ද මට වාර්තා කළා. ආයතන ප‍්‍රධානීන් තුන් දෙනෙක් ඒ අවස්ථාවේදීත් මොබයිල් ෆොන් තියගෙන වයර් කනේ ගහ ගෙන ඇන ඇන හිටිය බවට ඒ අය මම කියන දේ ඇහුවෙත් නෑ. අනෙක් දේශකයින් කියන දේ ඇහුවෙත් නෑ. කනේ ගහගෙන හිටපු වයර්වලින් ආපු දේ ගැන තමා ඒ අය ඇහුවේ. ඒ නිසා මම අහනවා දරුවන් ගැන කුමන කතා ද කියලා.

ඒ නිසා දරුවන් හැදෙන්න කළින් මම ඔය කියපු දේ ගැන වැඩිහිටියන් හැදෙන්න කියලා මම මතක් කරනවා. මේ දරුවන් රැකීමේ ජාතික වැඩසටහනේ අරමුණ රාශියක් ඉටු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා සියදිවි නසා ගැනීම පිළිබඳව ලෝකයේ ලංකාව ඉහළ තැනක තියෙන්නේ කියලා. ලංකාවේ සියදිවි නසා ගැනීම පිළිබඳව වැඩි පිරිසක් වාර්තා වෙන්නේ තරුණ දරුවන්.ඒ නිසා අපි රටක් විදියට, ජාතියක් විදියට දරුවන් රැකගැනීම සඳහා සෑම කෙනෙක්ම සාමුහික වගකීමක සාමුහික ප‍්‍රයතන්යක යෙදිය යුතුයි කියලා මා විශ්වාස කරනවා. මේ වැඩසටහන ජාතික වශයෙන් සෑම ප‍්‍රදේශයක කි‍්‍රයාත්මක කිරීමට අපේ රජය බලාපොරොත්තු වෙනවා. සියලුම මැති ඇමතිවරුන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ දෙමව්පියන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. සියලු රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.

මෙවැනි කටයුතුවලදී ගෞරවනීය මහා සංඝරත්නයේත් අන්‍ය ආගමික පුජකතුමන්ලාගේත් ඒ සියලුම ආගමික අංශවල සහයෝගය ගෞරවයෙන් අපි බලාපොරොත්තු වෙනවා.

ගමේ පන්සලේ හාමුදුරුවෝ හැමදාම ධර්ම දේශනා කළේ අපි මේ කියන කාරණාව ගැන පල්ලියේ කෝවිලේ පියතුමා, ස්වාමීතුමා මේ ගැන දේශනා කළේ අද ඊයේ නොවෙයි. ගෞතම බුදුන් වහන්සේ, ජේසුස් වහන්සේ ඒවගේම මුහම්මද්තුමාත් මේ ගැන දේශනා කළේ අද ඊයේ නොවෙයි.

ඒනිසා අපි සෑම කෙනෙක්ම උන්වහන්සේලාගේ අනුශාසනා තුළ මෙවැනි කටයුතු කිරීම අවශ්‍යයි. අපි මේ ”දරුවන් රකිමු” ජාතික වැඩසටහන මේ විදියට සාර්ථකව කරන්න සියලුදෙනාම කටයුතු කරමු. මේ සඳහා සහයෝගය දුන් සියලුදෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.

මේ සඳහා ප‍්‍රතිපත්ති සම්පාදනය සහ නීති ප‍්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය දැනුම ලබා දෙන විශේෂඥ කමිටුවලට මම ස්තුතිවන්න වෙනවා. ඒ සඳහා දායකත්වය ලබාදෙන ඇමතිතුමන්ලාට ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට මධ්‍යම පළාත් මහ ඇමතිතුමා ඇතුළු මැති ඇමතිතුමන්ලාට ඒ වගේම අනෙකුත් නිලධාරීන්, අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ලාටත්, විදුහල්පතිවරුන්, ගුරු මහත්ම මහත්මීන්, දෙමව්පියන්, දූ දරුවන්ට සියලුමදෙනාගේ සහයෝගය මා ඉතා අගය කරනවා.අපි දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදමු. ඒ වගේම හොඳ රටක් වෙනුවෙන් හොඳ දරුවන් හදමු. සියලුමදෙනාට තෙරුවන් සරණයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දරුවන් හිංසනයනයෙන් මුදා ගනිමින් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සියලු දෙනාගෙම වගකිමක්
දරුවන් හිංසනයනයෙන් මුදා ගනිමින් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සියලු දෙනාගෙම වගකිමක්
http://ift.tt/2f97M92
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_696.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_696.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy