ද ලදා මාළිගාවේ උඩ මළුවේදී මාරාන්තික උපවාසයක යෙදී සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් බැලීම සදහා ඇමති පාඨල...
දලදා මාළිගාවේ උඩ මළුවේදී මාරාන්තික උපවාසයක යෙදී සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් බැලීම සදහා ඇමති පාඨලී චම්පික රණවක මහතා අද පෙරුවේ එම ස්ථානයට ගොස් ඇත. රතන හිමිගේ ඉල්ලීම් මේ මොහොතේ මුළු රටේම ඉල්ලීම බවද කී ඇමතිවරයා අද දිනය තුල ජනාධිපතිවරයාගෙන් යහපත් ප‍්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවද එහිදී පැවසීය.
කෙසේ වෙතත් ඇමතිවරයාගේ පැමිණීමට එහි සිටි කිහිප දෙනෙකු විරෝධය දක්වා ඇති අතර ඇමතිවරයා වැඩි වේලාවක් එහි නොරැුදී පිටත්ව ගොස් ඇත.
ඇමතිවරයා එම ස්ථාවයට ගොස් ඇත්තේ පෙරවරු 06.00ට පමණ වන අතර අලුයම් කාලය හේතුවෙන් එවෙලේ එහි වැඩි පිරිසක් රැුදී නොසිටි බවද දැනගන්නට ඇත.

COMMENTS