ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඉන්දීය ක්‍රිකට් පිල හමුවේ ටෙස්ට් තරගාවලිය 3 - 0 ක් ලෙස මේවන විට පරාජයට පත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් කඩාවැටීමක් යයි...
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඉන්දීය ක්‍රිකට් පිල හමුවේ ටෙස්ට් තරගාවලිය 3 - 0 ක් ලෙස මේවන විට පරාජයට පත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් කඩාවැටීමක් යයි ද ඊට විරෝධය දක්වා හෙට (16) පස්වරු 5.00ට නිදහස් චතුරස්‍රය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට නියමිතය.
කෙසේවුවද ආරක්ෂක අංශ අනාවරණයකරගෙන ඇත්තේ මේ විරෝධතාවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග මහතාගේ හා එහි හිටපු නිලධාරියකු වන කුෂිල් ගුණසේකර ඇතුළුව ශ්‍රී ලංකා ක්‍රිකට් හි හිටපු මාධ්‍ය කළමනාකරුවන් දෙදෙනෙකුගේ මැදිහත්වීම මත සිදුවන්නක් බවයි.
මේ සඳහා ඉන්දියාවේ සිට පැමිණි මාධ්‍යවේදියකු යැයි කියාගන්නා අයකුද සහය දක්වා ඇති අතර ඔහු කුමන අරමුණකින් මේ සඳහා සහය දක්වන්නේද යන්න මෙතෙක් ආරක්ෂක අංශවලට තහවුරු කර ගැනීමට නොහැකිව ඇත.
ඔහු නවාතැන්ගෙන සිටින්නේ මිරිස්සේ පිහිටි අදාළ විරෝධතාවයේ ප්‍රධාන සංවිධායකුට අයත් ලැගුම්හලක බවද පැවසේ.
කෙසේවුවද, ශ්‍රී ලංකා ක්‍රිකට් කේෂත්‍ර ප්‍රවීණයන් පවසන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමක් ඇති බවත්, එය එසේවුවද අතුරු කමිටුවක් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් හි බලය අල්ලා ගැනීමේ පටු අරමුණෙන් පෙළෙන පුද්ගලයන්ගේ අරමුණු ඉටුකර ගැනීමට සහය දැක්විය යුතු නොවන බවයි.
ඉන්දියාව හමුවේ 3 - 0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙය නොවන අතර අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් මීට පෙර ශ්‍රී ලංකාව ඉන්දියාවේදී 3 - 0 ක් ලෙස පරාජයට පත්ව තිබේ.
COMMENTS