මේ අනුව රටේ බැලස්ටික් මිසයිල වැඩසටහන වෙනුවෙන් ඩොලර් මිලියන 260 ක් ද, ඉරානයේ ප්‍රභූ හමුදාව වශයෙන් සැලකෙන විප්ලවීය මුරභටයෝ (රිවොලූෂනරි ග...
මේ අනුව රටේ බැලස්ටික් මිසයිල වැඩසටහන වෙනුවෙන් ඩොලර් මිලියන 260 ක් ද, ඉරානයේ ප්‍රභූ හමුදාව වශයෙන් සැලකෙන විප්ලවීය මුරභටයෝ (රිවොලූෂනරි ගාඩ්ස්) අංශය වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 260 ක් ද වෙන් කරනු ඇත.
මෙම යෝජිත නව නීතිය අනුව ඇමරිකානු ආරක්ෂක හමුදාව සහ බුද්ධි අංශ සම්බන්ධතා සහිත ආරක්ෂිත ඒජන්සි සඳහා මූල්‍ය සීමාවන් සහ ගමන් තහනම් ද පැනවීමට නියමිත ය. ඊට අමතරව ඇමරිකාවේ නව සම්බාධකවලින් අවදානමට පත් වන සිය පුරවැසියන් රැක ගැනීම සඳහා නව සැලසුමක් ද ඉදිරියේදී සකස් කිරීමට නියමිත ය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසුව මේ දක්වා කාලය තුළ දිගින් දිගටම දැකගත හැක්කේ ඉරානයේ ටෙහෙරානය සහ ඇමරිකාවේ වොෂින්ටනය අතර සම්බන්ධතා පළුදු වෙමින් තිබෙන ආකාරයයි. ගල්ෆ් මුහුදේ තිබෙන ඇමරිකානු නෞකා සහ ඉරාන යාත්‍රා අතර ද යම් යම් ගැටලු ඇති වී තිබෙන බව පසුගියදා වා්රතා විය.
මේ අතර මෙසේ මිසයිල වැඩසටහනක් නිර්මාණය කිරීම එක්සත් ජාතීන්ගේ රෙගුලාසිවලට පටහැණි නොවන බව ද ඉරානය කියා සිටියි. තවද මෙය න්‍යෂ්ටික ආයුධ වැඩසටහනක් නොවන බව ද ඔවුහු කියා සිටිති. එක් ඉරාන විශේෂඥයෙකු කියා සිටියේ “මේ මොහොතේ තමන්ට අවශ්‍ය වී ඇත්තේ ඉරානය මත ඇමරිකාව එල්ල කරන පීඩනය කෙරෙහි සිය අකමැත්ත පෙන්වීම සහ ඇමරිකාවට සමාන තමන්ට ද ප්‍රතිචාර දැක්විය හැකි බව පෙන්වා දීම” බවයි.
ඉරාන පාර්ලිමේන්තුවේ මෙම පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම පැවැත්වුණේ පසුගිය ඉරිදා දිනයේ ය. එහිදී ඉරාන මන්ත්‍රීවරුන් 247 අතරින් 240 දෙනෙක්ම මෙයට අනුකූලව ඡන්දය ප්‍රකාශ කළහ. ඇමරිකාවට සම්බාධක පැනවීම පිළිබඳ යෝජනා වන විට මන්ත්‍රීවරුන් උද්වේගයෙන් යුතුව කෑ ගසන්නට පටන් ගෙන තිබෙන්නේ “ඇමරිකාවට මරණය” යනුවෙනි.
කථානායක අලි ලර්ජානි ප්‍රකාශ කළේ මෙය, “ඇමරිකා එක්සත් ජනපදය කලාපය තුළ සිදුකරන ත්‍රස්තවාදී සහ වීර ක්‍රියාවලට එරෙහිව ගත් පළමු ක්‍රියාමාර්ගය” වශයෙනි. මේ අතර ඉරාන ජනපති හසන් රොහානි තවදුරටත් පැවසුවේ මෙය, “අන්තර්ජාතික වේදිකාවේ ඉරානයේ හොඳ හිත ප්‍රදර්ශනය කිරීම” ලෙසිනි.
සැකසීම - කාල් විතාන
පරිවර්තනය: අමාලි ජයවීර
COMMENTS