දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'මාෆියාවේ බලපෑමෙන්' සම්බා හා නාඩු ඉහළට.
Homeප්‍රවෘත්ති

'මාෆියාවේ බලපෑමෙන්' සම්බා හා නාඩු ඉහළට.

PropellerAds

සහල් පාලන මිල මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ මාෆියාවට නතු වීමෙන් සම්බා සහල් කිලෝව රුපියල් අනූහතක් (රු. 97) හා නාඩු කිලෝව රුපියල් අනූ දෙක (රු...

පළාත් පාලන මැතිවරණයට ඊ.පී.ආර්.එල්.එෆ් තනියම - යාපනයේදී තීරණයක්
වව්නියාවේ මාල හොරුන්ට දෙනොදාහක් මැද වැඩ වරදී
'ජනාධිපති කෙනෙකුට ඉංග‍්‍රිසි පුළුවන් වෙන්න ඕනෑ'- රනිල් කිව්වේ ඇනුම්පදයක්ද?

සහල් පාලන මිල මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ මාෆියාවට නතු වීමෙන් සම්බා සහල් කිලෝව රුපියල් අනූහතක් (රු. 97) හා නාඩු කිලෝව රුපියල් අනූ දෙක (රු. 92) දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඊයේ (31දා) පැවැසීය.

දඹුල්ල සියපත හෝටලයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මේ බැව් පැවැසූ කරුණාරත්න මහතා ගම්මානයක සිල්ලර කඩයක සම්බා සහල් කිලෝ එකක් රුපියල් එකසිය පහකට (රු. 105) හා නාඩු සහල් රුපියල් සීයය (රු. 100) දක්වා වැඩි වී ඇතැයි පැවැසීය.

වෙළෙඳපොළේ සහල් පාලන මිල පවතින සමයේ සම්බා හාල් රුපියල් අසූවක (රු. 80) මිලකට හා නාඩු සහල් රුපියල් හැත්තෑ දෙකක (රු. 72) මිලකට පැවැති බවත් පාලන මිල ඉවත් කළද ආණ්ඩුව බලාපොරොත්තු වූ පරිදි සහල් මිල අඩු වී නොමැති බැව් ඒ මහතා පැවැසීය.

ඊට හේතුවී ඇත්තේ, දීර්ඝ කාලයක් තිස්සේ ඇතැම් දේශපාලඥයන්ගේත්, කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ  හා වී අලෙවි මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගේත් සහයෝගය මත පෞද්ගලික අංශයේ සහල් ආනයනකරුවන්ගේ සාමූහිකත්වයෙන් ක්‍රියාත්මක  මාෆියාවක බලපෑම් නිසා බව මේවනවිට අනාවරණය වී ඇත.

සමුපකාර ව්‍යාපාරය :

නාඩු සහල් කිලෝවක් දැනට වෙළඳ පොලේ පවතින මිලට වඩා රුපියල් දහයකින් පමණ අඩු මිළකට ලබාදීමට සමුපකාර ව්‍යාපාරය කටයුතු යොදා ඇතත් මෙම සහල් මාෆියාවෙන් ඊට බාධා එල්ලවී ඇති බව ජීවන වියදම් කමිටු ප්‍රකාශකයෙක් 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසීය.

එසේ සමුපකාර ව්‍යාපාරය අඩු මිලට සහල් ලබාදීමට එකඟව තිබියදී කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සහල් මෙට්‍රික්‌ ටොන් ලක්‍ෂයක්‌ වැඩි මිලකට ගෙන්වීමට අනුමැතිය දී ඇතැයි ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේවුවද කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසන්නේ, සහල් සඳහා පනවා තිබූ පාලන මිල පසුගිය 16 වැනිදා සිට ඉවත් කිරීමත් සමග ඇතැම් වෙළෙඳුන් කූට ලෙස මිල වැඩි කිරීම හේතුවෙන් මෙසේ සහල් ආනයනය කිරීමට කටයුතු යොදා ඇති බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'මාෆියාවේ බලපෑමෙන්' සම්බා හා නාඩු ඉහළට.
'මාෆියාවේ බලපෑමෙන්' සම්බා හා නාඩු ඉහළට.
http://ift.tt/2etByZl
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_67.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_67.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy