මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ එලඹෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් හා ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් 04 වනදා සවස යා...
මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ එලඹෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් හා ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් 04 වනදා සවස යාපනයේ පිහිටි ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යාලයේදී පැවති අවස්ථාවට සහභාගි වීමෙන් පසුව මාධ්‍යට අදහස් පළ කළ අවස්ථාවේදීය.
ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පසුගිය මැතිවරණයේදී මන්ත්‍රී ආසනයක් දිනාගැනීමට අපොහොසත් වු අතර ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂය සමග පසුගිය කාලයේ ඇති වූ ගැටීම් හේතුවෙන් එම පක්ෂය සමග එකට එක්ව දෙමළ ජාතික සන්ධානයෙන් පලාත් පාළන මැතිවරණයට තරග කිරීමට නොහැකි බවට ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය විසින් දෙමළ ජාතික සන්ධානයට දැනුම් දී ඇත.
එහිදී සුමන්තිරන් මන්ත්‍රී වරයා මාධ්‍යෙව්දීන් අමතා වැඩිදුරටත් කියා සිටියේ,‘අද අපේ පක්ෂය කැඳව්වේ ප්‍රධාන වශයෙන්ම ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ අවසන් තීරණය දැනගැනීමටයි. නමුත් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයට දෙමළ ජාතික සන්ධානය සමග එක්ව පළාත් පාලන මැතිවරණයට තරග කරනවානම් තවමත් කාලය තියනවා යම් හෙයකින් ඔවුන් තනිව තරග කරනවා නම් ඒ සඳහාත් ඔවුන්ට පූර්ණ අයිතිය තියනවා.'
අදාළ සකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ වූ ටෙලෝ, ප්ලොට් , ඉලංගෙයි තමිල් අරුස කච්චි පක්ෂ නියොජිතයින් පැමිණි අතර ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවත්විණි.
- වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS