ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ එක් පාර්ශ්වයක් ඉදිරි ජනාධිපතිවරණයේදී සන්ධානයක් ගොඩන`ගා අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමටත් තවත් පාර්ශ්වයක් ගෝඨාභය රාජප...
මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වය හෝ රනිල් වික‍්‍රමසිංහ පාර්ශ්වය හෝ නොමැති පුළුල් සන්ධානයක් ගොඩන`ගා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හෝ එම සන්ධානයේ වෙනත් අපේක්‍ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ශ‍්‍රීලනිපයේ එක් පාර්ශ්වයක් තීරණය කර ඇත.
ඊට අදාළ තීරණාත්මක සාකච්ඡාව ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේදී පසුගියදා පවත්වා තිබේ.
එජනිස මහ ලේකම් මහින්ද අමරවීර, ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර, ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක, වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න බණ්ඩාර, එජනිස පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලසන්ත අලගියවන්න ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් ඒ සඳහා සහභාගි වී ඇත.
ඔවුන්ට අමතරව ශ‍්‍රීලනිප හිටපු මහලේකම් ආචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා ඇතුළු විපක්‍ෂයට සම්බන්ධ විද්වතුන් පිරිසක්ද එම සාකච්ඡාව සඳහා සහභාගි වී තිබේ.
මෙම සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ ජාතික හෙළ උරුමය ඇතුළු පක්‍ෂද, බොදුබල සේනා සංවිධානය ඇතුළු සිවිල් සංවිධානද එකතුවෙන් ගොඩනැ`ගීමට එහිදී තීරණය කර ඇත.
එම පක්‍ෂ සහ පුරවැසි සංවිධානය සන්ධානයට එකතු කර ගැනීමට අවශ්‍ය කරන සාකච්ඡා මෙම සතියේදීම ආරම්භ කරන බවද ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය.
කෙසේ වෙතත් එම සන්ධාන සඳහා මහින්ද රාජපක්‍ෂවරුන් හෝ රනිල් වික‍්‍රමසිංහ හෝ ඔහුට හිතැති හෝ කිසිදු අයකු සම්බන්ධ කර නොගැනීමටත් එහිදී තීරණයකට එළැඹ ඇත.
විශේෂයෙන් පාඨලී චම්පික රණවක මහතා ඇතුළු ඇමැතිවරුන් කිහිප දෙනකුද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු මන්ත‍්‍රීවරුන් පිරිසක් ද සන්ධානයට එකතු කර ගැනීමට බලාපොරොත්තු වේ.
සන්ධානය ගොඩනැගීමෙන් පසු බහුතරයකගේ කැමැත්ත ඇති පුද්ගලයා ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කිරීමට එම සාකච්ඡාවේදී තීරණය කර ඇති අතර බොහෝ විට එම අපේක්‍ෂකයා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විය හැකි බවද ශ‍්‍රීලනිප ආරංචිමාර්ග පැවසීය.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය ලබාදීමට තීරණය කර ඇති පාර්ශ්වයට ශ‍්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් එක්ව සිටිති.
ඔවුන්ගේ තීරණය වී ඇත්තේ පක්‍ෂ ලාංඡනය ගැටලූවක් බවට පත්කර නොගත යුතු බවය.
එය ගැටලූවක් බවට පත්කරගෙන සිටින්නේ ශ‍්‍රීලනිපය ට අලූතින් එකතු වූ පිරිසක් බවත් ඔවුන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට අසත්‍ය තොරතුරු ලබාදෙමින් පක්‍ෂය විනාශ කිරීමට උත්සාහ ගන්නා බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය පළකරන ශ‍්‍රීලනිප පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් පැවසීය.
– divaina
COMMENTS