මේ අතර පුතූර්හි සොහොන් බිම් ඉවත් කරන ලෙස ඉල්ලා දින 65 ක් පුරාවට සිදුකෙරෙන උපවාසයට විසඳුමක් නොමැති වීම හේතුවෙන් එම ගම්මාන වල වැසියන් 15 ද...
මේ අතර පුතූර්හි සොහොන් බිම් ඉවත් කරන ලෙස ඉල්ලා දින 65 ක් පුරාවට සිදුකෙරෙන උපවාසයට විසඳුමක් නොමැති වීම හේතුවෙන් එම ගම්මාන වල වැසියන් 15 දා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්ද සංවිධානය කොට තිබුණි.
එහිදී විරෝධතා කරුවන් කියා සිටියේ දින 65 ක් පුරාවට තමන් උපවාසයක නිරත වුනද රජයේ කිසිදු බලධාරියෙකු විසින් විසඳුමක් නොදුන් අතරම ගම්මානවල පිහිටා ඇති සොහොන් බිම් හේතුවෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය ගැටලු රැසක් ඇතිවී තිබෙන අතරම සොහොන් බිම් ඉවත් නොකරන්නේ නම් ඉදිරියට දැඩි අවධානම් තත්වයක් ඇති වන බවටයි.
කෙසේ වෙතත් විරෝධතා කරුවන් විරෝධතාව අවසානයේදී ඔවුන්ගේ ගැටලුව අඩංගු සන්දේශයක් උතුරු මහඇමතිට භාර දුන් අතර එහිදී උතුරු මහඇමති විරෝධතා කරුවන්ට කියා සිටියේ අදලා ආදාහනාගාර පරීක්ෂාකර බලා විසඳුමක් ලබා දෙන බවටයි.
මේ අනුව අද දිනයේදී උතුරු මහඇමති ස.වී.විග්නේෂ්වරන් මහතා විසින් එම ආදාහනාගාර පරික්ෂා කොට ප්‍රාදේශීය සභා නිලධාරීන් හා පලාත් සභා නියෝජිතයින් සමග සාකච්ඡා කොට විසඳුමක් ලබා දීමට පියවර ගෙන ඇත.
වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS