දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකාවට සපයන එක්සත් ජනපද හමුදා ආධාර වැඩි කරයි.
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකාවට සපයන එක්සත් ජනපද හමුදා ආධාර වැඩි කරයි.

PropellerAds

යුද සමයේ සිදු වූ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳ පරීක්‍ෂණවල කිසිදු ප්‍රගතියක් නොමැතිවුව ද ශ්‍රී ලංකාවට ලබාදෙන මිලිටරි ආධාර වැඩි කි...

කථානායකවරයාගේ ජන්ම දිනය උතුරේදී සමරයි
'උතුරෙන් පිටවෙන්න': සිංහල ගමකට පහරදෙයි
බංග්ලාදේශ නාවික හමුදා නෞකා 2ක් කොළඹ වරායේ

යුද සමයේ සිදු වූ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳ පරීක්‍ෂණවල කිසිදු ප්‍රගතියක් නොමැතිවුව ද ශ්‍රී ලංකාවට ලබාදෙන මිලිටරි ආධාර වැඩි කිරීමට ඇමරිකා එක්සත් ජ‍නපදය කටයුතු කර තිබේ.

විදෙස් රටවලට ලබාදෙන අරමුදල් සම්බන්ධයෙන් පරීක්ෂා කරන එක්සත් ජනපද කමිටුවක් හමුවේ එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක විසින් හෙළිදරව් කර ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සපයන අන්තර් හමුදා ආධාර 'සෙමෙන් සහ වර්ධනීය ලෙස ප්‍රසාරණය කළ බව' ය.

ඇලිස් ජී. වෙල්ස්

එක්සත් ජනපද විදෙස් කටයුතු පිළිබඳ කමිටුව හමුවේ ප්‍රකාශයක් කරමින් දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබද වැඩබලන රාජ්‍ය ලේකම්වරිය වන ඇලිස් ජී. වෙල්ස් ප්‍රකාශ කර ඇත්තේ 'ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව දක්වන කැපවීම, අන්තර් හමුදා සබඳතා ද ඇතුළු එක්සත් ජනපදය සමග බැඳීම පුළුල් කිරීමේ උනන්දුව වැඩිකිරීමට' හේතු වී ඇති බව ය.

එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරිය ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ ආකාරයනේ තෘප්තිමත් වන බව ප්‍රකාශ කර ඇත්තේ දෙමළ ජනයාට එරෙහිව දැනට සිදුවෙමින් පවතින පැහැරගැනීම්, වධහිංසා පැමිණවීම් හා ලිංගික ප්‍රචණ්ඩත්වයන්ට එරෙහිව එක්සත් ජාතීන් ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම සිය බලවත් අවධානය යොමුකර තිබෙන පසුබිමකදී ය.

යුද අපරාධ සම්බන්ධයෙන් සංක්‍රාන්ති යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට හා එවැනි හිංසනයන් තවදුරටත් සිදුවීම වැළැක්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් 2015 දී ඒකමතිකව සම්මත කරගත් යෝජනාවට එකඟතාව පළකළ ශ්‍රී ලංකාවට එම පියවර ක්‍රියාත්මක කිරීමට ලබාදී තිබූ කාලය 2017 මාර්තු මාසයේ දී තවත් වසර දෙකකින් දීර්ඝ කරන ලදී.

ආරක්ෂක සහයෝගීතාව සඳහා ශක්තිමත් ලෙස ආධාර කිරීමත්, උපාය මාර්ගික වෙළෙඳ පාලනයන් වැඩිදියුණු කිරීමත් අරමුණු කරගනිමින් එළැඹෙන වසරේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 3.4ක් වැයකිරීමට සහකාර රාජ්‍ය ලේකම් වෙල්ස් යෝජනා කර තිබේ.

ප්‍රතිංසස්කරණ පියවර

සංක්‍රාන්ති යුක්තිය ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය නිශ්චිත පියවර ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මේ දක්වාම ගනු නොලැබුව ද, යෝජිත අරමුදල් ලබාදීම සිදුවනු ඇති බව සහකාර ලේකම්වරිය විසින් කමිටුව වෙත ඉදිරිපත් කර ඇති ලියැවිල්ලෙන් අවධාරණය කර ඇත.

"මධ්‍යම ආණ්ඩුවෙන් පළාත් සභා සඳහා බලය බෙදාහැරෙන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act - PTA) වෙනුවට සාධාරණත්වයෙන් හා නිසි ක්‍රියාදාමයෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුරූප වන නව නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීම, හමුදාව විසින් යුද්ධයේ දී අත්පත්කරගන්නා ලද සාමාන්‍ය ජනතාව ගේ ඉඩම් ආපසු ලබාදීම, අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම ඇතුළු සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම හා යුද අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම මෙම නිශ්චිත පියවරයන්ට අයත් වේ" යැයි ඇලිස් වෙල්ස් ප්‍රකාශ කළාය.

මෙතෙක් නීතියක් බවට පත්කර ඇති එක ම යාන්ත්‍රණය වන්නේ මෙයින් වසරකටත් වැඩි කාලයකට ඉහත දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී සම්මත වූ අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්යාලය Office of Missing Persons (OMP) පමණි. ආණ්ඩුවේ ගැසට් පත්‍රිකාවක් මගින් එය බලාත්මක කරන ලද්දේ ඉකුත් බ්‍රහස්පතින්දා (14) ය.

මේ අතර සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණයකට වඩා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ප්‍රමුඛත්වය ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය දා ප්‍රකාශ කළේ ය.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයේ මෙන් ම සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණයක් පිහිටුවීම සම්බන්ධයෙන් ද ප්‍රගතියක් දැකගතහැකි නොවීම පිළිබද ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ද සිය කනස්සල්ල පලකර තිබේ.

ඒකාබද්ධ යුද අභ්‍යාස

මේ අතර එක්සත් ජනපද හා ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවෝ, විෂයබද්ධ විශේෂඥ හුවමාරු (Subject Matter Expert Exchange - SMEE) වැඩසටහන යටතේ පවත්වන ලද ඒකාබද්ධ කිමිදුම් අභ්‍යාස සැසියක් පැසිපික් හි ගුආම් දිවයිනේ එක්සත් ජනපද නාවුක කඳවුරේ දී ඉකුත් අගෝස්තු 17වැනිදා සමාප්ත කළහ. දෙරට අතර ඔක්තෝබරයේ දී දියත් කිරීමට නියමිත සමායෝගි යාත්‍රණ සූදානම හා පුහුණු වැඩසටහනට (Cooperation Afloat Readiness and Training - CARAT) පෙරහුරුවක් ලෙස මෙම පස්දින පුහුණු සැසිය පැවැත්වූ බව එක්සත් ජනපද නාවික හමුදා වෙබ් අඩවිය කියා සිටියි.

මෙම ද්විපාර්ශ්වික පුහුණු සැසිය පවත්වන ලද්දේ රාජපක්ෂ පාලනය යටතේ දෙරට අතර අත්සන් තබන ලද මතභේදාත්මක මිලිටරි ප්‍රවර්ධන ගිවිසුම තවත් වසර දහයක කාලයකට දීර්ඝ කිරීමේ සැලසුම් දෙරටෙහි ආණ්ඩු විසින් අනාවරණය කිරීමත් සමග ය. ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවරාගැනීමේ සහ අන්‍යෝන්‍ය සේවා සැපයුම් ගිවිසුමක් (Acquisition and Cross Servicing Agreement - ACSA) වසර දහයක කාලයක් සඳහා වලංගුවන පරිදි 2007 මාර්තු මාසයේ දී අත්සන් තැබුණු අතර එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තු (US Department of Defence - DoD) නිල වෙබ් අඩවියට අනුව රටවල් 76ක් සමග දැනට අත්සන් කර ඇති අදාළ ගිවිසුම සැලසුම් කොට ඇත්තේ ඇමරිකානු ඉදිරි හමුදා විහිදුවීම් හා ආරක්‍ෂක අභිලාෂයන්ට ඵලදායක වනු පිණිස ය.

සැප්තැම්බර් පළමුවැනි දා කොළඹ දී මුළුදුන් ඉන්දියන් සාගර සමුළුව අමතමින් එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබද වැඩබලන රාජ්‍ය ලේකම්වරිය කියා සිටියේ පළමු වතාවට සිදුවන එක්සත් ජනපද - ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවුක අභ්‍යාස (CARAT) එළඹෙන ඔක්තෝබර් මාසයේ ත්‍රිකුණාමලයේ දී ඇරැඹෙන බව ය.

"හවුල් ධාරිතා වර්ධනයන් හා අභ්‍යාස ඔස්සේ, සංකීර්ණතා ගහණ මෙම කලාපයේ ආරක්ෂක බර අපට බෙදාගත හැකිවනු ඇතැ" යි වෙල්ස් එහි දී කියා සිටියා ය.

CARAT යනු බංගලාදේශය, බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, මැලේසියාව, සිංගප්පූරුව, පිලිපීනය, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ නැගෙනහිර ටිමෝරය යන රටවල් දහයක් සමග එක්සත් ජනපදය විසින් වෙන් වෙන්ව වාර්ෂිකව පවත්වන ද්වී පාර්ශ්වික නාවික අභ්‍යාස වැඩසටහන් මාලාවකි. මෙකී වැඩසටහන් මූලික වශයෙන් සැළසුම් කර ඇත්තේ එක්සත් ජනපද නාවික හමුදාවේ සාමුද්‍රික ශක්‍යතා හා ක්‍රියාන්විත සංසක්තතාවන් වැඩිදියුණු කිරීම අරමුණු කොටගෙන ය.

© JDS


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකාවට සපයන එක්සත් ජනපද හමුදා ආධාර වැඩි කරයි.
ශ්‍රී ලංකාවට සපයන එක්සත් ජනපද හමුදා ආධාර වැඩි කරයි.
http://ift.tt/2xcNCER
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_614.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_614.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy