පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයට අයත් විලුක සහ සින්නනාගවිල්ලුව යන ගම්මානවල වටිනාකමින් ඉහළ අගයක් ගන්නා බොරළු නිධි ප්‍රදේශය පු...
පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයට අයත් විලුක සහ සින්නනාගවිල්ලුව යන ගම්මානවල වටිනාකමින් ඉහළ අගයක් ගන්නා බොරළු නිධි ප්‍රදේශය පුරාවට පිහිටා තිබීම එහි ඇති සුවිශේෂ වූ විශේෂත්වයක්ව තිබේ. මෙකී බොරළු කැණීම් කිරීම සදහා 1971 වර්ෂයේ සිට මේ දක්වා දේශපාලන පිල්මාරුවෙන් බිහිවන දේශපාලඥයින්ගේ නොමද සහය ඇතිව පරිපාලන අංශයේ හොර සක්විත්තන්ගේ මගපෙන්වීමෙන් මෙකී ඉඩම් සදහා ව්‍යාජ බල පත්‍ර සකසමින් බොරළු ජාවාරම්කරුවන් ඉවක් බවක් නොතකා දිගින් දිගටම මහා පරිමාණයෙන් බොරළු කැණීම් සිදු කරගෙන යන බවට ප්‍රදේශවාසීන් මැසිවිලි නගති.
අනූ නව අවුරුදු බදු බල පත්‍ර යටතේ සහ වාර්ෂික බදු බල පත්‍ර යටතේ බොරළු සහිත වූ මෙකී ඉඩම් සංවර්ධනය කරගෙන යන මුවෙන් අදාල ප්‍රදේශිය ලේකම් කාර්යාලය, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් බොරළු ජාවාරම් කරුවන් විසින් ලබා ගැනීමෙන් අනතුරුව කාර්යක්ෂම බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මහා පරිමාණයෙන් බොරළු කැණීම් කිරීම සිදු කරන්නේද? භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයෙන් ලබා දෙන බල පත්‍ර නීති රීති සම්පූර්ණයෙන් උල්ලංඝණය වන අයුරිනි.
වසර ගණනාවක සිට නොනවත්වා පවත්වාගෙන එනු ලබන මේ මහා පැරිමාණ බොරළු ජාවාරම තුලින් මේ වන විට උග්‍ර පාරිසරික ගැටළු රැසක් පැනනැගී ඇති බව කියයි.
පරිසර ආඥා පනතට පටහැනිව සිදුකරගෙන ගොස් ඇති මේ මහා පරිමාණ බොරළු ජාවාරම නිසාවෙන් මේ වන විට පොළව පිහිටි මට්ටමේ සිට අඩි විස්සක්, තිහත් අතර ප්‍රමාණයක් ගැඹුරට කැණීම් කර බොරළු ලබා ගැනීම නිසාවෙන් ප්‍රදේශය පුරාවට විශාල ප්‍රමාණයේ වළවල් සෑදීම හේතුවෙන් මිනිස් ජීවිත පවා අහිමිව ගොස් ඇති බවද කියති.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය මගින් නිකුත් කරනු ලබන නීති රීති කොන්දේසි වල පෙන්වා දී ඇති පරිදි කුමන හෝ ස්ථානයක කැණීම්ක් සිදු කිරීමෙන් අනතුරුව නැවත එම ස්ථානය පස් යොදා පිරිවිය යුතු යැයි සදහන් කර තිබුණද, එකී නීති රීති තුට්ටුවකටවත් මායිම් නොකරන මෙකී හොර ජාවාරම් කරුවන් කිසිදු බියකින් තොරව මෙම මහා පරිපමාණ බොරළු ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවත්, මේ වන විට අක්කර සීයයකට වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක මෙම නීති විරෝධි බොරළු ජාවාරම සිදුකලද අද වන තෙක් එහි නැවත පස්පිරවීමක් හෝ එසේත් නොමැතිනම් එම කැණිම් කරන ලද වළවල් තුල වන වගා වැනි පාරිසරික ආරක්ෂිත ක්‍රමසම්පාදනය නොකර මුදල් පමණක් උපයීම පුදුමය දනවන්ක්ව තිබේ.
මෙම හොර බොරළු ජාවාරම් කරුවන්ට දේශපාලඥයින්ගේ මෙන්ම පරිපාලන අංශයේ නොමද සහය නිරන්තරයෙන්ම ලැබෙන බවටයි ජනතාව මැසිවිලි නගන්නේ. මේ හේතුව නිසාවෙන් මේ වන විටත් අක්කර 100ට ආසන්න ප්‍රමාණයක මහා පරිමාණයෙන් කැණීම් සිදුව තිබියදීත් එයට කිසිදු බළධාරියෙකු නීතිය ක්‍රියාත්මක නොකර මුණීවත රැකීම බරපතල ගැටළු සහගත තත්ත්තවයක් බවයි ජනතාව පෙන්වා දෙන්නේ.
ඒ අනුව 606 මනල්තිව් ග්‍රාම නිළධාරි වසමට අයත් විලුක සහ 615 සින්නනාගවිල්ලුව යන ග්‍රාම නිළධාරි වසම් වල දැනට වසර ගණනාවක සිට බල පත්‍ර නිතී උල්ලංඝණය වන අයුරින් සිදුකර ඇති මහා පරිමාණ බොරළු ජාවාරම හේතුවෙන් දැනටමත් බොරළු කැණීම්කර අත්හැර දමා ඇති සුවිශාල වළවල් මනාව සාක්ෂි හෙළි දරව් කරති.
රටේ පවතින ඉඩම් අර්බුදයට තිරසාර විසදුමක් නොලබා කඩපිල්වල, පදිකවේදිකාවල ජීවිකාව ගත කරන අසරණ ජනතාව කොතරම්නම් සිටීද ඔවුන්ට අත්ව ඇති ඉරණම සුළුපටු නැත. එවන් අසරණ ජනතාවගේ ඉඩම් ප්‍රශ්ණයට විසදුමක් ලෙස මෙවන් සංහාර සිදුවන රජය සතු ඉඩම් කැබිලි කර ජනසතු කරනවානම් රටේ ඉඩම් ගැටළුව විසදෙනවා හැර ජවාරම්කරුවන්ගේ පසුම්බිය පමණක් පුරවාලීම අනුමත කල හැකිද ප්‍රශ්ණාර්ථයක්ව තිබේ.
මේ සම්බන්ධයෙන් අප කල විමසුමකදී සින්නනාගවිල්ලුව පදිංචි ජයලත් මහතා පවසා සිටියේ මෙවැන්නකි.
අපි මේ සිද්ධිය පැහැදිලිවම දන්නවා අපි මේ වෙද්දි නිළධාරින්ට දැණුම් දීලා තියෙනවා. අපි දන්න විදියටත් අපිට තේරෙන විදියටත් අපි හිතන්නෙ මේකට නිළධාරි සම්බන්ධ වෙලා තමයි ලොකුවට මේ ව්‍යාපාරය කරගෙන යන්නෙ කියලා. මොකද දැන් මේ ගොල්ලො බොරළු ගන්නෙ තමන්ගෙ ඉඩම ගොවිතැන් කරන්න විදියක් නැහැ මේ ඉඩමෙ බොරළු ඉවත් කරලා පස් පුරවලා නැවත ගොවිතැන් කරනවා කියලා තමයි බොරළු කපන්න ගන්නෙ. හැබැයි එහෙම පස් පුරවලා ගොවිතැන් කරපු කිසිම බොරළු වලක් නැහැ මේ වෙනකම් දැන් අවුරුදු ගාණක් තිස්සෙ මේ බොරළු ජාවාරම කෙරෙනවා. ඒ විතරක් නෙමෙයි ගිහිල්ලා බලන ඕනෙම නිළධාරියෙකුට වටහා ගන්න පුළුවන් මේ බොරළු කපන හැම වළකම ඊට උඩින් තියෙන සෑම ඉඩමකම පොල්, කජු වගේ වගාවල් කෙරෙනවා ඒත් එහෙනම් බොරළු කියලා වගා නොකර ඉන්න එපායැයි. අපි මේ ගැන ප්‍රාදේශීය ලේකම්, දිසාපති දැණුවත් කරලා තියෙනවා එයාලා මේක නවත්වන බවට පොරොන්දු වෙලා තියෙනවා. ජාවාරම නැවැත්තුවත් වැඩක් නැහැ මේ හාරලා තියෙන කිසිම වළක් වහන්නෙ නැති එක තමා ගැටළුව මේ වෙද්දි අක්කර සීයය ඉක්මවා කපලා තියෙනවා. අපි අහද්දි කියන්නෙ ඒ වළවල් නැවත පුරවනවා කියලා නමුත් එහෙම දෙයක් මේ වෙනකම් කවමදාවත් වෙලා නැහැ. එහෙම පුරවන්න මම හිතන්නෙ තවත් පළාතකින් මේ වගේම විනාශයක් කරලා පස් ගෙනාවොත් පුරවන්න පුළුවන් කියලා. මේ ගැන කිසිම බළධාරියෙක් එන්නෙ නැහැ සොයා බලන්න ආවත් මගදිම ගතමනාව අරගෙන අනුමැතිය දීලා යන එක තමයි කරන්නෙ.
නැගෙන චෝදනාව සම්බන්ධයෙන් අප කල විමසුමකදී පුත්තලම සහකාර ප්‍රදේශීය ලේකම් එස්.පී.වීරසේකර මහතා පවසා සිටියේ.
මෙහෙමයි ඔය කියන කාරණය මට පැහැදිලි නැවත ප්‍රතිපූර්ණය කරනවා කියන කාරණය නෙමෙයි ඒ ගොල්ලො දැන් ව්‍යාපෘති වාර්තා හරහා බොරළු කැණීමට ඉල්ලීම් කරද්දි එයාලා යෝජනා කරනවා කැණීම් අවසන් වූ පසු ඒ භූමියෙ නැවත ශාක හෝ වන වගාවකට යන කාරණය තමා සදහන් කරන්නෙ. අපි ඒ කොන්දේසියට යටත්ව තමයි ඒ බොරළු කැණීමට දිස්ත්‍රික් බොරළු කමිටුවේදී දිසාපති තුමාගෙ අනුමැතිය ලැබෙන්නෙ. නමුත් ඔය කියන කැණීම් සිද්ධ වෙලා තියෙන්නෙ කිසිම ආයාතනයක අනුමැතිය නැතිව කියන එක පැහැදිලි මොකද ඒ වගේ කැණීම් සිද්ධ වෙලා තියෙනවා. මේ පිළිබද අපි අවශ්‍ය පාර්ශවයන් දැණුවත් කරලා තියෙනවා. හැබැයි අවිධිමත් ආකාරයෙන් කැණීම් සිදුකරගෙන යනවා කැණීම් වලින් පසුව නැවත නඩත්තු නොකිරීම වැනි ලොකු ගැටළුවක් තියෙනවා.
නැගෙන චෝදනාව සම්බන්ධයෙන් අප කල විමසුකදී පුත්තලම අතිරේක දිසාපති පුත්තලම වැඩබලන ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.සී.එම්.කේ. වන්නිනායක මහතා පවසා සිටියේ මෙවැන්නකි.
සින්නනාගවිල්ලුව වසම කියන එක මම හරියටම දන්නෙ නැහැ. එක බලපත්‍රයක් තියෙනවා මේ කොට්ඨාශයෙ ඒක තියෙන්නෙ. රජයෙ ඉඩමක අපි වාර්ෂික ඉඩම් බල පත්‍රයක් පළාත් ඉඩම් කොමසාරිස් තුමාගේ අනුමැතියෙන් දීලා තියෙනවා. රජයට අක්කරයකින් රුපියල් පනස්දාහ ගාණෙ රජයෙ ගාස්තු අය කරලා අපි පළාත් සභාවට යවලා තියෙනවා. ඒකෙ පර්චස් මට මතක හතලිහක් හෝ හැටක් හැටකට දිස්ත්‍රික් බොරළු කමිටුව හරහා කැණීම් බලපත්‍රයක් දීලා තියෙනවා. ඒකෙ කාල සීමාවනම් මට මතක නැහැ හරියට ඒකෙ කොන්දේසී උල්ලංඝණයක් වෙලා තියෙනවානම් අනිවාර්යයෙන්ම අපි නීත්‍යාණූකූල කටයුතු කරනවා. එකක් තමයි කොන්දේසි කඩවෙලා තියෙනවානම් අපි වහාම නෛතික ක්‍රියා මාර්ග ගන්නවා දෙවැනි කාර්ණය තමා ඔය පුද්ගලයාගේ ව්‍යාපෘති වාර්තාවට අනුව අපිට සොයා බැලීමක් කරන්න සිද්ධ වෙනවා. තෙවන කාර්ණය තමා අපි නැවත එයාට බල පත්‍ර නිකුත් කීරීමක් සිද්ධ වෙන්නෙ නැහැ.
නැගෙන චෝදනාව සම්බන්ධයෙන් භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කැණීම් ඉංජිනේරු හර්ෂ සිරිවර්ධන මහතාගෙන් දුරකථනය ඔස්සේ කල විමසුකදී ඔහු පවසා සිටියේ
ඔය නැවත පස් පුරවනවා කියන කාරණය සීයට සීයක්ම අපි බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මොකද බොරළු කපලා නැවත පුරවනවා කියන්නෙ ඒ වළවල් පුරවන්න පාවිචචි කරන්න වෙන්නෙ පස් හරි බොරළු දෙයක් එතකොට තවත් කොහෙ හරි කැණීමක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් බොරළු කදු වගේ ප්‍රදේශ තියෙනවනම් යම් මට්ටමකට කපලා ඉවර වෙලා ඉඩම සාමන්‍යයෙන් යථාතත්ත්වයට කියන එක තමා අපේ පනත හැටියට තියෙන්නෙ. සාමානයෙන් කියන්න ඕනෙ ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදියට ඉඩම සකස් කිරීම තමා ප්‍රධාන අරමුණ මම මෑත කාලේ ඔය කියන පැත්ත අධීක්ෂණයක් කරලත් නැහැ. මොකද දැන් මම කුරුණෑගල කාර්යාලයෙ නෙමේ ඉන්නෙ ගම්පහ කාර්යාලයෙ නිසා. තව දෙයක් අපි බලපත්‍රයක් නිකුත් කරලා තියෙනවානම් අනිවාර්යෙන්ම බලපත්‍ර ලාභියා විසින් අප වෙත සපයලා තියෙන ව්‍යාපෘති වාර්තාවට අනුව අපිත් සමග ගිවිසුමකට ඇවිත් තියෙනවා නැවත මේවා යථාතත්ත්වයට පත්කරනවා කියන කාරණය මත අපි ඇපකරයක් තියා ගන්නවා. ඒ ඇප කරය අපි නිදහස් කරන්නෙ අපි සෑහීමකට පත්වෙන ආකාරයට කටයුතු සිදුකරලා තියෙනවානම් විතරයි.
COMMENTS