අලුත් දේශපාලන පක්‍ෂයක් පිහිටුවීම සම්බන්ධව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු මතවාදීව පිල් දෙකකට බෙදීම හේතුවෙන් එහි කටයුතු මේ වන විට ඇනහිට ඇතැය...
අලුත් දේශපාලන පක්‍ෂයක් පිහිටුවීම සම්බන්ධව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු මතවාදීව පිල් දෙකකට බෙදීම හේතුවෙන් එහි කටයුතු මේ වන විට ඇනහිට ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
අලුත් පක්‍ෂයක් පිහිටුවා ගැනීම වෙනුවෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ බහුතරයක් ක්‍රියා කළත් සුළු පිරිසක් ඊට විරුද්ධත්වය පළකර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයන් ලෙස කටයුතු කරමින් සිට නව පක්‍ෂයක් පිහිටුවා ගැනීමෙන් මන්ත්‍රී ධුර හා අනෙකුත් තනතුරු හා වරප්‍රසාද රැසක් අහිමි වනු ඇති බවත් එය ඉදිරි ගමනට අවාසි සහගත තත්ත්වයක් වනු ඇති බවත් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු සුළු පිරිසකගේ මතය වී තිබේ.
එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සෙසු පක්‍ෂ හා පළාත් පාලන ආයතනවල හිටපු ප්‍රධානීන් බහුතරයකගේ අදහස වී ඇත්තේ අලුත් පක්‍ෂය පිහිටුවා පුළුල් පෙරමුණකින් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට කටයුතු කළ යුතු බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර උතුරේ ප්‍රාදේශීය සභා දෙකක මැතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී නව පක්‍ෂයක් ලියාපදිංචි කිරීමට නීතිමය අවකාශයක් නැති බව පසුගිය සතියේ ඒකාබද්ධ විපක්‍ෂය සමඟ සාකච්ඡාවකදී මැතිවරණ කොමසාරිස්‌වරයා පවසා ඇත.
COMMENTS