දක්ෂිණ අධිවේගී මාර්ගයේ 96 වන සැතපුම් කණුව අසලදී සිදු වූ රිය අනතුරකින් විදේශීකයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. කටුනායක සිට තංගල්ල බලා යමින් ...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 96 වන සැතපුම් කණුව අසලදී සිදු වූ රිය අනතුරකින් විදේශීකයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
කටුනායක සිට තංගල්ල බලා යමින් සිටියදී ඔවුන් රැගත් වෑන් රථය අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටෙහි ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
රියදුරුට නින්දයාම හේතුවෙන් අනතුර සිදුව ඇති බව පින්නදූව පොලිසිය පැවසීය.
අනතුරින් තුවාල ලැබූ විදේශීකයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර පින්නදූව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS