ලබන ඔක්තෝබර් මාසයේ දී බොහෝදුරට ප්‍රකාශයට පත් කිරීමට නියමිත පළාත් සභා මැතිවරණය මූලික කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමේ සහ ...
ලබන ඔක්තෝබර් මාසයේ දී බොහෝදුරට ප්‍රකාශයට පත් කිරීමට නියමිත පළාත් සභා මැතිවරණය මූලික කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමේ සහ ප්‍රතිසංවිධානය කිරීමේ පුළුල් මෙහෙයුමක් ආරම්භ කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
ඒ අනුව දූෂණ චෝදනා ඇති පිරිස් වහාම ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය සතියේ දකුණු පළාත් සභා ඇමැතිවරයකු, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනකු ඉවත් කර ඇත්තේ ද මේ ප්‍රතිසංවිධානයේ ඉදිරි පියවරක් ලෙස ය. ඒ අනුව පෙරේදා (15) වයඹ පළාත් සභාවේ අධ්‍යාපන ඇමැති ධුරය දැරූ සන්ධ්‍යා රාජපක්ෂ ද එම ධුරයෙන් ඉවත් කර ඇත.
මෙසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ ඉදිරියේ දී තවත් ඇමැතිවරුන් පිරිසක් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමුළුවෙන් පසු ජනාධිපතිවරයා දැඩි තීරණ රැසක් ගනු ඇතැයි මීට පෙර අනාවරණය වූ අතර, සමුළුව අවසන් වන තුරු සියලු චෝදනාවලට පිළිතුරු නොදී නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු දැකිය හැකි විය.
-පරාක්‍රම දිසානායක
COMMENTS