ජූලි මස විසිතුන් වෙනිදාට යෙදී තිබෙන කලු කොටි දිනය සමරණ උතුරේ විවිධ සංවිධාන වලට ආධාර උපකාර කිරීමට ස්විස්ටර්ලන්තයේ සිටින කොටි හිතවාදී සංවිධා...
ජූලි මස විසිතුන් වෙනිදාට යෙදී තිබෙන කලු කොටි දිනය සමරණ උතුරේ විවිධ සංවිධාන වලට ආධාර උපකාර කිරීමට ස්විස්ටර්ලන්තයේ සිටින කොටි හිතවාදී සංවිධාන කැමැත්ත පලකොට ඇතැයි උතුරේ දෙමළ සංවිධාන කීපයක නියෝජිතයෝ කියා සිටියහ.
ස්විස්ටර්ලන්තයේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සාමාජිකයෝ හා එරට වෙසෙන විවිධ සංවිධාන සමග කළ සාකච්ඡාවකින් පසුව ඔවුන් මේ ගැන 18 දා සාකච්ඡා කොට ආධාර උපකාර කිරීමට තීරණයක් ගෙන් ඇතැයිද උතුරේ දෙමළ සංවිධාන නියෝජිතයෝ කියා සිටියහ.
ස්විස්ටර්ලන්තයේ මෙම සංවිධාන විසින් මැයි මස 18 වෙනිදා යුද්ධයෙන් මියගිය පිරිස සමරා කළ උත්සව වෙණුවෙන් රුපියල් ලක්ෂ දාහතරක මුදලක් ලබා දුන් බව පැවසූ උතුරේ දෙමළ සංවිධාන නියෝජිතයෝ කලු කොටි දිනය සදහාද ලබන නොවැම්බර් මස 26 හා 27 යන දිනවලදී පැවැත්වෙන මහවිරු සතිය සැමරීම සදහාද යම් මුදලක් ලබා දෙන බව පැවසීය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයට එවීම සදහා 2005 වර්ෂයේදී ස්විස්ටර්ලන්තයේදී මෙසේ එකතු කරණ ලද මුදල් වලින් ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 13.7 ක් වංචා කළ ශ්‍රී ලාංකිකයින් දාහතර දෙනෙකුට එරෙහිව එරට අධිකරණයක නඩුවක්ද විභාග වෙමින් පවතී.
(දිනසේන රතුගමගේ)
COMMENTS