රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සද්දයේ හැටියට වැඩ නොමැති බව ග්‍රාමිය ආර්ථික කටයුතු පිළිබද අමාත්...
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සද්දයේ හැටියට වැඩ නොමැති බව ග්‍රාමිය ආර්ථික කටයුතු පිළිබද අමාත්‍ය පි. හැරිසන් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) අඹේවෙල හයිලන්ඩ් කිරිපිටි කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියාසිටියේ ලොරි 10ක් පමණවත් ගාල් කරන්නට ඉඩක් නොමැති ස්ථානයක රැස්වීමක් පවත්වා විශාල ජනතාවක් සහභාගි වු බවට ඒකාබද්ධ විපක්ෂය පුරසාරම් දොඩන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට මෙන්ම පවිත්‍ර දේවි වන්නිආරච්චි මන්ත්‍රීතුමියටත් ගණන් බැරි බව මේ වනවිට සියල්ලෝම දන්නා කරුණක් බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
ජාතික පශූ සම්පත් මණ්ඩලය යටතේ පාලනය වන හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාවට බිලියන 10ක වියදමින් සවිකරන නවීන යන්ත්‍ර පිළිබදව සොයා බැලීම සදහා අමාත්‍යවරයා ඊයේ අඹේවෙලට පැමිණ සිටියේය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම නවීන යන්ත්‍ර එම කර්මාන්ත ශාලවේ සවිකිරිමෙන් පසු දැනට නිෂ්පාදිත කිරිපිටි ධාරිතාව වන ලක්‍ෂ 02ක ධාරිතාව ලක්‍ෂ 04 දක්වා ඉහල යනු ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ මෙවර අයවැයට කිරි ගොවින්ගේ සංවර්ධන කටයුතු සදහා යෝජනා ගණනාවක් ද ඉදිරිපත් කරන බවය.
හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS