මහනුවර නගරයම ඇතුළු අවට කලාපයම මහා නගරයක් ලෙස ගොඩනැංවීම සඳහා නව සැලසුමක් 2017 අග භාගයේ දී ඇති කිරීමට සූදානම් බව මහා නගර හා බස්නාහිර සංවර්ධන...
මහනුවර නගරයම ඇතුළු අවට කලාපයම මහා නගරයක් ලෙස ගොඩනැංවීම සඳහා නව සැලසුමක් 2017 අග භාගයේ දී ඇති කිරීමට සූදානම් බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ලංකාවේ පළවෙනි බහුකාර්ය - බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය මහනුවර ඉදිකිරීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ මහනුවර මහා නගරයේ සංවර්ධන සැලැසුම සකස් කිරීම තාක්ෂණික සහය ලබාගැනීමේ ගිවිසුමකට ජපන් අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය සමග (JAIC) සමග ගිවිසුමකට අත්සන් කිරීමේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි. මෙම ගවිසුම අත්සන් කිරීම මහනුවර ස්විස් හෝටලයේදී සිදු වූ අතර එයට නාගරික සංවර්ධන අධිකාරියේ පාර්ශවයෙන් එහි සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා අත්සන් තැබූ අතර ජයිකා ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජිත ටෝ රු කොබයා කාවා මහතා අත්සන් තබන ලදි.
එහිදී අමාත්‍යවරයා මෙසේද කීය,
“මහනුවර නගරයම පමණක් නෙමෙයි අවට කලාපයම මහා නගරයක් හැටියට ගොඩනැංවීම සඳහා නව සැලසුමක් 2017 අග භාගයේ දී ඇති කරන්නට බලාපොරොත්තු වෙනවා. මේකට කවදත් අපට විශාල සහයෝගයක් ලබාදෙන්නේ ජපාන රජය, ජපන් සහයෝගීතා ආයතනය, ජයිකා ආයතනය සහයෝගය ලබාදුන්නා විශේෂයෙන්ම නාගරික සංවර්ධන අධිකාරියට ඒ සහයෝගය ලබාදීමට ඉදිරිපත් වීම ගැන අපි ඉතාම සතුටට පත්වෙනවා. මහනුවර ඇත්ත වශයෙන්ම කරුණු කිහිපයක් නිසා අපට වැදගත්. පළවෙනි එක කොළඹ හැරුණාම තිබෙන ප‍්‍රධානම නගරය, වාණිජමය වශයෙන්, පරිපාලනමය වශයෙන් මහනුවර ප‍්‍රධානයි. ඒ වගේම මහනුවර රට මැද පිහිටලා තියෙන නිසා රටේ තිබෙන අනෙක් බොහෝ නගර සමග මහනුවර සම්බන්ධයි. යාපනයෙන් පවා කොළඹට යනවට වඩා පිරිසක් මහනුවරට පැමිණෙනවා. ඒ වගේම ති‍්‍රකුණාමලය, අනුරාධපුරය, නුවරඑළිය වැනි නගර බොහොමයක් මහනුවරට කෙළින්ම සම්බන්ධයි පරිපාලනමය වශයෙන්. එනිසා මහනුවර නගරය, පාරිපාලනමය වශයෙන් මෙන්ම වාණිජ වශයෙන් ද ඉතාම වැදගත්.
ඒ වගේම අපි කිසි කෙනෙකුට අමතක කරන්න බැහැ මේ නගරයේ තිබෙන ඓතිහාසිකත්වය. මේ නගරයේ තිබෙන සංස්කෘතික උරුමය. විශේෂයෙන්ම දළඳා වහන්සේ වැඩසිටින බිම හැටියටත් අපගේ මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා වැඩසිටින ස්ථානය හැටියටත්, අපගේ අවසාන රාජධානිය හැටියටත් පැවතුනේ මේ ප‍්‍රදේශයයි. එනිසා මේ ප‍්‍රදේශය අපට ඉතාම වැදගත් සංස්කෘතික වශයෙන්. ඒ වගේම ඓතිහාසික වශයෙන්. ඒ වගේම පාරිසරික වශයෙන් මේ ප‍්‍රදේශය අතිශය වැදගත්. අපේ ජල පෝෂක ප‍්‍රදේශය. ඒ වගේම විවිධ පාරිසරික විවිධත්වයෙන් පිරිච්ච ප‍්‍රදේශයත් මහනුවරයි.
දැනටමත් වායු දූෂණය අතින් ඉහළම නගරය කොළඹ නෙමෙයි මහනුවරයි. එනිසා ඒ සියළු සාධක හොඳින් බලන ආයතනයක් තමයි ජපන් සහයෝගීතා ආයතනය. ඒ ආයතනය හරහා විධිමත් සැලසුමක් ඇති කර ගැනීම මහනුවරට අවශ්‍යයි. ඒ වගේම අපි මහනුවර නගරය ඒ සැලසුම් හදලා ඉවර වෙනකන් අපි බලන් ඉන්නේ නැහැ.
මහනුවරට තව වසර 3 කින් අධිවේගී මාර්ගයක් එනවා. ඒ අධිවේගී මාර්ගයත් එක්ක ජන සංයුතියක්, මහනුවර වාණිජ පසුබිමත් මහනුවර සංස්කෘතික ජීවිතයත්, සමාජ ජීවිතයත්, බලගතු වෙනසකට ලක්වීමට නියමිතයි. ගාල්ලට අධිවේගී මාර්ගය යාම නිසාත්, මාතරට අධිවේගී මාර්ගය යාම තුළ ඉඩම් මිල කොච්චර ඉහළ ගිහින් තියෙනවද, නාගරීකරණය කොච්චර වේගයෙන් සීග‍්‍රයෙන් අද ඒ ප‍්‍රදේශයේ සිද්ධ වෙනවාද කියලා. ඒ හා විප්ලවයක් මෙහෙත් ඇරඹෙන්න නියමිතයි. එම විප්ලවය විධිමත්ව සිදු නොවුණහොත් අවිධිමත්ව වුණොත් දැන් තියෙන ප‍්‍රශ්න තවත් උග‍්‍රවීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. එනිසා එම තත්වයන්ට මුහුණ දෙන ආකාරයේ සැලසුමක් බවට එය පත්විය යුතුයි.
අපි මහනුවර උපාය මාර්ගික නරගයක් හැටියට තේරුම් අරගෙන ලෝක බැංකු ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කරලා තියෙනවා. මාර්ග පද්ධතිය සංවර්ධනය කරනවා, ජලාපවහන පද්ධතිය සංවර්ධනය කරනවා. මේ ප‍්‍රධාන නගරයේ නාගරික සංවර්ධන අධිකාරියේ 2007 සැලසුමට අනුකූලවන යම් යම් සංවර්ධන කි‍්‍රයාදාමයන් ඉටු කරන්න. වැදගත්ම දේ නම් අපි බලාපොරොත්තු වෙනවා ප‍්‍රධාන ගුඞ්ෂෙඞ් බස්නැවතුම්පල සහ දැනට තිබෙන ඒ අදාල අනෙකුත් ප‍්‍රදේශ සියල්ලම විධිමත් සැලසුමකට අනුව ගොඩනගන්න. ලංකාවේ පළවෙනි බහුකාර්ය - බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය මහනුවර ඉදිවෙනවා ඇති. කොළඹ ඉඳිවෙන්න කලින් මහනුවර ගුඞ්ෂෙඞ් හි ඉඳිවෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ මැද භාගය වෙන කොට අපට ඒ ටෙන්ඩර් පත් ලබා දීලා ඒ කටයුතු අවසන් කරලා විධිමත් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මම හිතනවා මේ සැලසුම ජල කළමණාකරණය, ඒ වගේම වායු දූෂණය, ඒ වගේම කැලි කසල ප‍්‍රශ්නය, ඒ වගේම ප‍්‍රවාහන ප‍්‍රශ්නය, ඒ වගේම මධ්‍යම පාන්තික නිවාස ගැටළු ආදිය අද අපේ ජනයා පෙලෙන ගැටළු මහනුවරට තව අවුරුදු 100 ක් ඔබ්බට ගිහිල්ලා ඕනෑම විදේශකියෙකුට මතක හිටින සටහනක් ලෙනාඞ් වුල්ෆ් වගේ තබන්න පුළුවන් විදිහේ අන්තර් ජාතික මට්ටමේ නගරයක් බවට මහනුවර පරිවර්ථනය වෙයි කියලා බලාපොරොත්තු වෙනවා,“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS