ලබන වසරට අදාළව අධ්‍යාපන විද්‍යා පීඨවලට බඳවා ගැනීමේදී දිස්ත්‍රික් ඉසෙඩ් අගය මත 50%ක්ද, ප්‍රාදේශීය ලේකම් කාර්යාල පදනමින් 50%ක් ද වශයෙන් ක්‍ර...
ලබන වසරට අදාළව අධ්‍යාපන විද්‍යා පීඨවලට බඳවා ගැනීමේදී දිස්ත්‍රික් ඉසෙඩ් අගය මත 50%ක්ද, ප්‍රාදේශීය ලේකම් කාර්යාල පදනමින් 50%ක් ද වශයෙන් ක්‍රම 02ක් යටතේ බඳවාගැනීමට තීරණය කිරීම නිසා ඉහළ ඉසෙඩ් අගයක් සහිත විශාල පිරිසකට දැඩි අසාධාරණයක් සිදුවන බව ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි.
මෙතෙක් විද්‍යා පීඨවලට බඳවා ගැනීමේදී උසස් පෙළ ඉහළ ලකුණු ලබාගත් පිරිස් බඳවාගත් බවත්, එහෙත් මේ වසරට අදාළ බඳවාගැනීම් සිදුකිරීමේදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සැළකිල්ලට ගෙන බඳවාගැනීම් සිදුකළ බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.
එ් හේතුවෙන් විශාල පිරිසකට අසාධාරණයක් සිදුවූ බවත් එයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ බවත් එය මේ වනවිට විභාග වෙමින් පවතින බවත් ඔහු කියාසිටියේය.
එවැනි තත්ත්වයක් තුළ සෑම දෙනාගේම ඉල්ලීමවූ දිස්ත්‍රික්ක මට්ටමින් බඳවාගැනීම ප්‍රතික්ෂේප කොට ලබන වසරට අදාළ බඳවාගැනීම් ද දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යන ක්‍රම 02කටම සිදුකිරීමට අයදුම්පත් කැඳවා තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මීට අමතරව පවතින ගුරු පුරප්පාඩු අනුවා ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවාගැනීමට කටයුතු කිරීම හරහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඉහළ ලකුණු ලබාගත් පිරිසකට අසාධාරණයක් සිදුවන බව ද ඔහු අවධාරණය කරයි.
මේ හේතුවෙන් වහාම මෙම ක්‍රමය අහෝසි කොට දිස්ත්‍රික් පදනමින් බඳවාගැනීම් සිදුකරන්නැයි එම සංගමය රජයෙන් ඉල්ලා සිටීයි.
COMMENTS