යනුවෙන් තමන් බැලීමට වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත පසුගියදා පැමිණි මිතුරන් කණ්ඩායමකට අනුෂ පැල්පිට පවසා තිබේ. 'අපි දෙන්නම අපේ විත්තිවා...
යනුවෙන් තමන් බැලීමට වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත පසුගියදා පැමිණි මිතුරන් කණ්ඩායමකට අනුෂ පැල්පිට පවසා තිබේ.
'අපි දෙන්නම අපේ විත්තිවාචකවල මේ බව පැහැදිලිවම කිව්වා, අපි කළේ අපිට ඉහළින් ලැබුණු නියෝගය ක්‍රියාත්මක කිරීම කියලා. නමුත් උසාවිය ඒක පිළිගත්තෙ නෑ. උසාවිය කළේ මිස්ට වීරතුංගවයි මාවයි බිල්ලට දීලා බැසිල්වයි මහින්දවයි බේරගත්ත එක. යුක්තිය, සාධාරණත්වය කියන්නෙ මේකද ? දැන් බොරුවට මහින්ද රාජපක්ෂ අපිව බලන්න ඇවිල්ලා බොරු බයිලා ගහනවා. තව මාස හයකින් අපි ආණ්ඩු පිහිටුවනවා, එතකොට ඔය දෙන්නවම අපි විශාල වන්දියක් එක්ක නිදහස් කරනවා කියලා. ආණ්ඩු පිහිටුවීම කෙසේ වෙතත් තව මාස හයක් යනකොට බැසිලුයි මහින්දයි වැලිකඩ එන එක ෂුවර්. අඩුගානෙ මහින්ද ඇවිල්ලා බොරු බයිලා කියලා හරි අපිව සනසනවා. අපි ඉන්නෙ බැසිල් එනකං. එදාට අපි බැසිල් නොදන්න කුණුහරුපත් එයාට කියලා දෙන්නම්.' යනුවෙන් අනුෂ පැල්පිට තම මිතුරන් ඉදිරියේ පවසා ඇත්තේ හඬා වැලපෙමිනි.
COMMENTS