නියෝජ්‍ය කතානායක, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්මගේ මහතා සිය සහාය නව අගමැති වශයෙන් දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාට...
නියෝජ්‍ය කතානායක, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්මගේ මහතා සිය සහාය නව අගමැති වශයෙන් දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන බව සඳහන් කරයි.
එසේම ඉදිරියේදී තවත් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වෙන බව ඔහු ප්‍රකාශ කරයි.
ඔහු මේ බව පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස අසලදීය.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය සහාය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් මෙම තීරණයට තමන් සහාය පළ කරන බවත් තමන් මුතුන් මිත්තන් විසින් ආරම්භ කළ පක්ෂය වත්මන් නායකයා විසින් ගැටලුවකට පත් කළ බවත් ඔහු පෙන්වා දෙයි.
COMMENTS