දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චීන පොහොර ගෙනා සෙනරත්ලාට යළිත් පොහොර ගේන්න චාන්ස් එකක්!
Homeප්‍රවෘත්ති

චීන පොහොර ගෙනා සෙනරත්ලාට යළිත් පොහොර ගේන්න චාන්ස් එකක්!

PropellerAds

අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙට්‍රික් ටොන් අනූ හය දහසක් (චීන පොහොර නැව) ගෙනා දේශීය නියෝජිත ආයතනයේ පිරිසම මීළඟ කන්නය සඳහාද පොහොර ගෙ...

මාදුළුවාවේ සෝභිත හිමිගේ වර්ෂ පූර්ණය අදයි
ජනපති යළි දිවයිනට
සෑම දෙයකටම ජාත්‍යන්තර මැදිහත්වීමක් ඕනෑ - විග්නේෂ්වරන්
අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙට්‍රික් ටොන් අනූ හය දහසක් (චීන පොහොර නැව) ගෙනා දේශීය නියෝජිත ආයතනයේ පිරිසම මීළඟ කන්නය සඳහාද පොහොර ගෙන්වීමට සූදානම්වන බව වාර්තා වේ.

ඔවුන් මෙසේ නැවතවරක් පොහොර ගෙන්වීමට සූදානම්වන්නේ චීනයෙන්මද, නොඑසේනම් ඉන්දියාවෙන්ද යන්න මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

චීන පළමු පොහොර තොගය මෙරටට එවූ චිංඩාඕ සීවින් බයෝටෙක් සමාගම හා 2020 ඔක්තෝබර් 26 වැනිදා අත්සන් කරනු ලැබූ ගිවිසුම අනුව මෙට්‍රික් ටොන් 99,000ක පොහොර තොගයක් මෙරටට ගෙන්වීමට නියමිත බවත්, එම තොගය නැව් 4කින් මෙරටට ගෙන ඒමට නියමිත බවත්, එම සමාගමේ සාමාන්‍යාධිකාරිනී සහ ප්‍රධාන තාක්ෂණ නිලධාරිනිය වන ඇනා සොං මහත්මිය එවකට පවසා තිබිණි.

එසේම, එම සමාගමේ දේශීය නියෝජිත ආයතනයේ එක් අධ්‍යක්ෂකවරයෙකුට තමාගේ ඥාතිත්වයක් ඇති බව හිටපු ජනපති ලේකම් ලේකම් ගාමිණී සෙනරත් මහතා එවකට පිළිගෙන තිබිණි.

ඔවුන් මෙසේ යළි පොහොර ගෙන්වීමට සූදානම්වන්නේ චීන පොහොර නැවට කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීමෙන් රුපියල් කෝටි 138 කට වැඩි මුදලක් (ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක්) රජයට පාඩු කර ඇති බවට නිගමය කරමින් එම පාඩුවූ මුදල අදාළ වගකිව යුත්තන්ට නඩු පවරා අයකර ගන්නා ලෙස රජයේ විගණකාධිපතිවරයා නිර්දේශක්ද කර තිබියදීය.

එසේම නොසැපයූ පොහොර වෙනුවෙන් මුදල් ලබා ගැනීම සහ 2020- 21 මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගිවිසුම ප්‍රකාරව ලබා නොදී පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අදාල පොහොර සැපයුම්කාර සමාගම අසාදු ලේඛන ගත කර එම සැපයුම්කරුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසද විගණකාධිපතිවරයා දැනුම්දී තිබියදීය.

විගණකාධිපතිවරයා මෙම නිර්දේශය නිකුත් කර ඇත්තේ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ විශේෂ විගණන වාර්තාවක් ඉදිරිපත් කරමිනි.

ජීවානුහරණය නොකළ සහ මර්දනය කිරීමට නිර්දේශිත කෘෂි රසායනික වර්ගයක් නොමැති විනාශකාරී බැක්ටීරියා සහිත පොහොර මේ ආකාරයට ශ්‍රී ලංකාවට ඇතුළු කිරීමට උත්සාහ දරා තිබු බව විගණකාධිපතිවරයා එම වාර්තාවෙන් පෙන්වාදී තිබේ.

මේ පොහොර රටට ඇතුළුවූයේ නම් ශ්‍රී ලංකාවේ ආර්ථික වටිනාකම් සහිත බෝග වර්ග වලට දැඩි බලපෑමක් එල්ල වීමට හැකිව තිබිණැයි සඳහන් කරන විගණන වාර්තාව 2021- 22 කාලසීමාවේ මහ කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබා නොදීමෙන් පාඩුවක් කර ඇතැයිද ප්‍රකාශ කරයි.

නොසැපයූ පොහොර වෙනුවෙන් එලෙස ගෙවූ මුළු මුදලම පාඩුවී ඇතැයිද විගණකාධිපතිවරයා සඳහන් කරයි.

තාක්ෂණ ඇගයීම් කමිටු සාමාජිකයන්, ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කෙරුණු ප්‍රමිති නිලධාරීන්ගෙන් සමන්විත කමිටුව ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් මෙම වාර්තාවෙන් චෝදනා එල්ල කර ඇත.

චීනයේ කින්ඩාවෝ බයෝටෙක් සමූහ සමාගමෙන් පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත්කෙරුණු ප්‍රසම්පාදන කමිටුව නිර්දේශ කර තිබූ බවත්, එම නිර්දේශිත පොහොර තොගයෙන් සියයට හැටක් සීමාසහිත ලංකා පොහොර සමාගම මගින්ද සියයට හතළිහක් සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගම මගින්ද මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් 2021 අගෝස්තු මස 5 වැනි දින FO /61/2021 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරනු ලැබ තිබූ බවත් විගණන වාර්තාවේ දැක්වේ.

එම සංදේශය සඳහා 2021 අගෝස්තු මස 18 වැනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබූ බවද එහි සඳහන් වේ.

මෙම අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර තොගය රැගත් චීන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ තිබුණේ 2021 සැප්තැම්බර් මස 23 වැනිදාය.

ජීවානුහරණය නොකළ කාබනික පොහොර ශාක නිරෝධායන පනත අනුව මෙරටට ගෙන්විය නොහැකි හෙයින් මතභේදාත්මක තත්වයක් නිර්මාණයවූ අතර පොහොර තොගය රට තුළට ගෙන ඒමට මේ අනුව අවසර නොදෙන ලදී.

මෙම මතභේදාත්මක තත්වය විසඳීමට නීතිපතිවරයා පවා පසුව මැදිහත්විය.

මාස ගනණාවක් ශ්‍රී ලංකා මුහුදු තීරයේ නැංගුරම්ලා තිබූ මෙම චීන නෞකාව අදාල මුදල ගෙවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පිටව ගියේය.

උපුටා ගැනීම : ශ්‍රී ලංකා මිරර්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චීන පොහොර ගෙනා සෙනරත්ලාට යළිත් පොහොර ගේන්න චාන්ස් එකක්!
චීන පොහොර ගෙනා සෙනරත්ලාට යළිත් පොහොර ගේන්න චාන්ස් එකක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPomfKObblYrA78uZqVc9RufqSx3slX1Yei9syR72gPW_3Otvn1J0XY_Y-hvljAGo3j2uMMl452Nl-Yv36r_hwxuBcKWwko7uu4kQ0qx3eB7J2agNy_EoWhGGPoZolpWDcjPzd9eK2PLehkqnyhYwJek22AHyekWAv2RM77WnpL5BENOipF7-tioeALw/s320/d3f8c3d730023d08fee7c2f6e15b44db_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPomfKObblYrA78uZqVc9RufqSx3slX1Yei9syR72gPW_3Otvn1J0XY_Y-hvljAGo3j2uMMl452Nl-Yv36r_hwxuBcKWwko7uu4kQ0qx3eB7J2agNy_EoWhGGPoZolpWDcjPzd9eK2PLehkqnyhYwJek22AHyekWAv2RM77WnpL5BENOipF7-tioeALw/s72-c/d3f8c3d730023d08fee7c2f6e15b44db_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/09/blog-post_16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/09/blog-post_16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy