මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වනවා. ඔහු කියා සිටියේ 2018 වසරේ දෙසැම්බර් 31 වනදාට පෙර පළාත් පා...
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වනවා.
ඔහු කියා සිටියේ 2018 වසරේ දෙසැම්බර් 31 වනදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකිවුවහොත් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
පළාත් පාලන සංශෝධන පනත් කෙටුම්පත ඉකුත්දා පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා. පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත ද ඉකුත්දා සම්මත වුණේ තුනෙන් දෙකක බහුතර බලයකින්.
මේ අතර ඉකුත්දා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ ලබන වසරේ මාර්තු වනවිට පවත්වා අවසන් කළ හැකි බවයි.
(නෙත් නිවුස්)
COMMENTS