දිවයින පුරා රෝහල්වල ඖෂධ හිඟයක් මතුව ඇති බවට ගෙන යන ප‍්‍රචාරයන්හි සත්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (23...
දිවයින පුරා රෝහල්වල ඖෂධ හිඟයක් මතුව ඇති බවට ගෙන යන ප‍්‍රචාරයන්හි සත්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (23) පෙරවරුවේ හදිසියේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහි දී සෞඛ්‍ය බලධාරින් සමග විශේෂ සාකච්ඡාවකට එක් වූ ජනාධිපතිවරයා අවධාරණය කළේ නිදහස් සෞඛ්‍ය සේවාව කිසිදු අවස්ථාවක දුර්වලවීමට ඉඩ නොතැබිය යුතු අතර, රටේ සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් සෑම අවස්ථාවකම එය ශක්තිමත් සහ කාර්යක්ෂම කළ යුතු බවයි.
එමෙන්ම සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් දුන්නේ යම් ක්ෂේත‍්‍රයක, යම් අඩුපාඩුවක් සිදුව ඇත්නම් ඒවා නිවැරදි කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසයි.
ඉදිරි මාසවලට ප‍්‍රමාණවත් පරිදි ඖෂධ තොග පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය තීන්දු තීරණ විධිමත් අයුරින් ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.
ජනතාව නොසන්සුන් කිරීම උදෙසා ඇතැම් පාර්ශ්වයන් විසින් ගෙන යන මෙම අසත්‍ය ප‍්‍රචාරයන් නිවැරදි කරමින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
වකුගඩු රෝග පාලනය, නිවාරණය සහ මර්දනය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය පිළිබඳව ද ජනාධිපතිවරයා කරුණූ විමසීය.
පසුගිය වසරවලට සාපේක්ෂව 2017 වසරේ වකුගඩු රෝගින්ගේ ප‍්‍රමාණයේ අඩුවීමක් සිදුව ඇති බව මෙහිදී අදාළ අංශ විසින් පෙන්වා දුන් අතර වකුගඩු රෝගය මර්දනය වෙනුවෙන් රජය ගෙන යන පුළුල් වැඩපිළිවෙළ ඊට හේතු වී ඇති බවත් විශේෂයෙන් වකුගඩු රෝගය පැතිර යන ප‍්‍රදේශවල ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධති ඉදිරිකිරීමට වකුගඩු රෝග නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බළකාය ගෙන යන වැඩසටහනේ සාර්ථක ප‍්‍රගතියක් දක්නට තිබෙන බවත් පෙන්වා දුන්හ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ එම වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීම තුළින් ඉදිරියේ දී වඩාත් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීමට හැකි වනු ඇති බවයි.
වකුගඩු රෝගින්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් නුවර සහ අනුරාධපුර රෝහල් ආශි‍්‍රතව ඉදිකෙරෙන නේවාසිකාගාරවල ඉදිකිරීම් කටයුතුවල ප‍්‍රගතිය ද විමසූ ජනාධිපතිවරයා නුවරඑළිය සහ හම්බන්තොට රෝහල් ජනතා අයිතියට පවරාදීමේ ප‍්‍රමාදය පිළිබඳව ද කරුණු විමසීය.
එමෙන්ම මත්ද්‍රව්‍ය අභියෝගය මැඩපැවැත්වීම වෙනුවෙන් සෞඛ්‍ය අංශයේ කි‍්‍රයාකාරිත්වය ද සමාලෝචනයට ලක් කෙරිණි.
පාසල් දරුවන්ගේ සෞඛ්‍ය සහ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ගෙන යන වැඩසටහන්වල ප‍්‍රගතිය පිළිබඳව ද අධීක්ෂණයට ලක් කෙරුණු අතර ලබන වසරේ සිට පාසල් දරුවන්ට කිරි වීදුරුවක් ලබාදීමට යෝජිත වැඩසටහනේ ඉදිරි කි‍්‍රයාකාරිත්වය පිළිබඳව ද ජනාධිපතිතුමා විමසා බැලීය.
එමෙන්ම දේශීය වෛද්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රගතිය සහ එහි උන්නතිය උදෙසා ගෙන යන නව වැඩසටහන්වල ප‍්‍රගතිය ද සමාලෝචනයට ලක් කෙරෙණි.
COMMENTS