මෙම ඊබස් වෙබ් අඩවිය සාමාන්‍යයෙන් ස්වභාවික විපත් යනාදිය පිළිබඳ විගස පුවත් පළ කරන වෙබ් අඩවියකි. ඒ නිසාම පසුගිය සමයේ මෙම වෙබ් අඩවියේ ජනප්...
මෙම ඊබස් වෙබ් අඩවිය සාමාන්‍යයෙන් ස්වභාවික විපත් යනාදිය පිළිබඳ විගස පුවත් පළ කරන වෙබ් අඩවියකි. ඒ නිසාම පසුගිය සමයේ මෙම වෙබ් අඩවියේ ජනප්‍රියතාවය බොහෝ දුරට ඉහළ ගොස් තිබිනි.
පුවතේ තීව්‍රතාවය වැඩිකරනු වස් ඔවුන් විසින් මෙම වීඩියෝව පළ කර තිබුණේ ලයිව් හෙවත් සජීවී වීඩියෝවක් වශයෙනි. එහි ජනප්‍රියතාවය ඉහළ යාමට එය ද හේතුවක් විය. විනාඩි කිහිපයක් ඇතුළත එම වීඩියෝව දහස් ගණනක් විසින් නරඹා තිබිණි. නමුත් පසුව එය සැබෑ වීඩියෝවක්දැයි සැක සංකා ඇති විය.
ඇමරිකා එක්සත් ජනපදයේ මත්ස්‍ය සහ වනජීවී සේවය විසින් තහවුරු කර ඇති පරිදි යෝධ ගොඩබිම් කකුළුවන්ගේ සංක්‍රමණය ජනපදයේ මධ්‍යම කොටස්වල බහුලව දැකගන්නට ලැබෙන සංසිද්ධියකි. පොදු ව්‍යවහාරයේ ‘නිල් කකුළුවන්’ යනුවෙන් හඳුන්වන්නේ මොවුන් ය. සාමාන්‍යයෙන් නත්තල් දූපත සහ හෝ කියුබාවේ බේ ඔෆ් පිග් ආශ්‍රිත ව මෙවැනි මහා පරිමාණ සංක්‍රමණ වසරකට වරක් නිරීක්ෂණය කළ හැකි වුවත්” අර්මා පැමිණි පසු සිදුවූ බව කියන මෙකී ස්වභාවික කකුළු සංක්‍රමණය, හුදෙක්ම පාඨකයන් සහ ප්‍රේක්ෂකයන් ගේ අවධානය දිනාගැනීම සඳහා සහ ‘හිට්ස් ගණන වැඩිකර ගැනීම’ පිණිසම කළ දෙයක් බව පසුව හෙළි විය.
- අමාලි ජයවීර
COMMENTS