විද්‍යා දැරිය පැහැරගෙන ගොස්, සමූහ දූෂණයකට ලක්කොට, එම දර්ශන වීඩියෝ ගත කිරීමේ මහ මොළකරු වූයේ මහාලිංගම් ශශීකුමාර්ය. යාපනය ප්‍රදේශයේ කාන්ත...
විද්‍යා දැරිය පැහැරගෙන ගොස්, සමූහ දූෂණයකට ලක්කොට, එම දර්ශන වීඩියෝ ගත කිරීමේ මහ මොළකරු වූයේ මහාලිංගම් ශශීකුමාර්ය. යාපනය ප්‍රදේශයේ කාන්තාවන් දූෂණය කර, ඒවා වීඩියෝ පටිගත කර, විදෙස් රටවල අසභ්‍ය වෙබ් අඩවි වලට විකිණීමේ ජාවාරමක් මෙම ශශීකුමාර් හෙවත් ස්විස් කුමාර් විසින් පවත්වාගෙන ගොස් ඇති බවට කරුණු හෙළිදරව් වී තිබිණි. ඊයේ මරණ දඬුවම් නියමවූවන් අතරින් යාපනය අපරාධකරුවන්ගේ ජාලයෙහි නියෝජිතයා වූයේ ඔහුය.
පුංකුඩුතිව් ප්‍රදේශවාසී ජනතාව මෙන්ම සමස්ත ලාංකීය ජනතාව සහ ජාත්‍යන්තරය ද කම්පනයට පත් කළ නින්දිත අපරාධයට ස්විස් කුමාර් කොටු වූ පසුව ඔහුව බේරා ගැනීමට ක්‍රියාත්මක වූ යාන්ත්‍රණය දෙස විමසිලිමත්ව බැලීමෙන් යාපනය ප්‍රදේශයෙහි අපරාධ මෙහෙයවන ජාලය හඳුනාගත හැකිය. ස්විස් කුමාර්ව බේරාගැනිම සඳහා ළමා කටයුතු ඇමතිනී විජයකලා මහේශ්වරන්, කොළඹ නීති පීඨයේ මහාචාර්ය තමිල්මාරන්, උතුරු පළාත් භාර හිටපු ජ්‍යේශ්ට නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ, විජයකලා මහේශ්වරන්ගේ මස්සිනා වන ත්‍යාගරාජා තුවාරකේශ්වරන් වැනි පිරිසක් ක්‍රියාත්මක වී තිබිණි. එසේම ස්විස් කුමාර්ගේ අපරාධ සහායකයින් කොටසක් හිටපු ඇමති ඩග්ලස් දේවානන්දාගේ ඊ.පී.ඩී.පී. සංවිධාන සාමාජිකයින් බව ද හෙළි වී තිබිණි. සැමවිටම රාජ්‍ය බලය සමඟ සෙල්ලම් කරමින් යාපනය අහිංසක ජනතාවගේ ජීවිත බිලි ගැනීමට ක්‍රියාකළ පාතාල සංස්කෘතියේ නියමුවන් වන්නේ ඉහත කී පිරිසයි. යාපනය වෙළාගත් භීෂණයේ ක්‍රියාකාරී හස්තයන් වන්නේ ඔවුන්ය. එහෙත් ඔවුන් සියල්ල මේ අපරාධයෙනුත් ගැළ වී ගොස් ඇත.
යුද්ධය පැවති සමයේ පටන් ම යාපනය ප්‍රදේශයේ වෙළඳ ඒකාධිකාරයක් ගොඩනඟා ගත් ටී. මහේශ්වරන් හෙවත් ත්‍යාගරාජා මහේශ්වරන් පිළිබඳව අපි මීට පෙර "විද්‍යා ඝාතනයේ සැකකරු නිදහස් කිරීම - ලලිත් ජයසිංහ පසුපස ළමා කටයුතු ඇමතිනියත්" යන ලිපියෙන් හෙළිදරව් කළෙමු. හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේශ්වරන් ඝාතනය ලක් වීමෙන් අනතුරුව ඔහුගේ ව්‍යාපාර අධිරාජ්‍ය බෙදාගැනීම වෙනුවෙන් විජයකලා සහ තුවාරකේශ්වරන් පොරයට වැටුණු අයුරුත් ඒ හරහා පාතාල සංස්කෘතියක් යාපනයේ නඩත්තු කෙරුණු අයුරුත් අපි එම ලිපියෙන් හෙළිදරව් කළෙමු. ඩග්ලස් දේවානන්දා ගැනද අමුතුවෙන් කීමට දෙයක් නැත. ඔහු යුද්ධ සමයේ පටන් ම තම සන්නද්ධ ක්‍රියාකාරකම් හරහා යාපනයේ භීෂණය ඇවිළවූවෙකි. මේ සියල්ලන් ම තමන්ගේ දේශපාලන සම්බන්ධකම් හරහා අදටත් නීතියට වෙට්ටු දමමින් අපරාධ මෙහෙයවති.
ස්විස් කුමාර් ඇතුළු පිරිසට මරණ දඬුවම් නියම විය. එහෙත් ස්විස් කුමාර් බේරා ගැනීමට ක්‍රියාකළ අයට එරෙහිව කිසිවක් සිදු වූයේ නැත. ඔවුන් සතුව සිටි එකම අපරාධ ක්‍රියාකාරිකයා ස්විස් කුමාර් පමණක් නොවේ. එහෙයින් හෙටත් ඒ අපරාධ ජාලය විසින් තවත් අහිසක මිනිස් ජීවිත බිලිගනු ඇත. දේශපාලන සම්බන්ධකම් ඉදිරියේ ගොළුවන නීතිය ඔහේ බලා සිටිනු ඇත. මහාචාර්ය තමිල්මාරන්ලා සහ ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ වැන්නන් මේ නඩුව ද ආදර්ශයට ගනිමින් දිගටම නීතිය නැවීමට ක්‍රියාත්මක වෙනු ඇත. ළමා කටයුතු ඇමතිනියත් ළමා අපචාරකරුවකු බේරා ගැනීමට පෙරට ගොස් නිදහසේ සිටින රටක ළමා පරපුර හෙටත් අපචාරකරුවන්ට බිලිවනු ඇත. සදාචාරය යන වචනයේ තේරුමවත් නොදන්නා දේශපාලන සංස්කෘතියක් සහිත රටක ඉපදීමේ පාපය පමණක් ජනතාව විසින් ගෙවනු ඇත.
සබැඳි පුවත් -
විද්‍යා ඝාතනයේ සැකකරු නිදහස් කිරීම - ලලිත් ජයසිංහ පසුපස ළමා කටයුතු ඇමතිනියත්
ස්විස් කුමාර්ගේ වීඩියෝ ජාවාරමේ පස් වැනි ගොදුර විද්‍යා ?
මහාචාර්ය තමිල්මාරන් හා ජ්‍යෙ. නි. පොලිස්පති ලලිත් ජයසිංහ ලඟදීම අත්අඩංගුවට !
COMMENTS