කීත් නොයාර් පැහැරගෙන ගොස් වධ හිංසනයට ලක් කිරීම සම්බන්ධ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අවසන් කොට මේ වන විට නීතිපති ද...
කීත් නොයාර් පැහැරගෙන ගොස් වධ හිංසනයට ලක් කිරීම සම්බන්ධ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අවසන් කොට මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත අදාල ලිපිගොනු යවා ඇති අතර එහිදී හෙළිදරව් වී ඇති කරුණු මත පදනම් වෙමින් ගෝටාබය රාජපක්ෂට සෘජුවම අධිචෝදනා භාරදීමේ හැකියාවක් පවතින බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
2008 මැයි 22 වනදා දෙහිවල වෛද්‍ය පාරේ තම නිවස අසල දී කීත් නොයාර්ව පැහැර ගැණුනු අතර ඔහුට පහර දී වධ හිංසාවට ලක් කොට අතැර දමා ගොස් තිබිණි. මේ සම්බන්ධ විමර්ශන වලදී එම පහරදීම මරදාන ට්‍රිපොලි හමුදා කඳවුරට අනුබද්ධ සෙබළුන් කණ්ඩායමක් විසින් කර ඇති බවත් එම හමුදා කණ්ඩායම ඒ යුගයේ සිදුකෙරුණු තවත් මාධ්‍ය මර්දන සිදුවීම් වලට ද යොදවාගෙන ඇති බවත් අනාවරණය වී තිබිණි.
COMMENTS