හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපල කිසිදු සමාගමකට විකිණිමේ අදහසක් නොමැති බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සම...
හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපල කිසිදු සමාගමකට විකිණිමේ අදහසක් නොමැති බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා," මේක විකුණනවා කියන එක සම්පූර්ණ අසත්‍යයක්. අපි දෙගොල්ලෝ එකතු වෙලා තමයි මේක සංවර්ධනය කරගෙන යන්නේ. ඉතිං ආණ්ඩුවටත් කොටස් තියෙනවා. දැනටමත් චීනයේ ආයෝජකයො ලෑස්ති වෙලා ඉන්නවා අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ සංවර්ධනය පටන් ගන්න" යි කියාසිටියේය.
මෙම නීරීක්ෂණ දාරිකාවට විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සරත් අමුණුගම මහතා ද එක්ව සිටියේය.
වීඩියෝව පහතින්.
COMMENTS