ඉදිරි කාලය තුළ කෘෂිකාර්මික අංශයේ වර්ධනය සඳහා කාලගුණික වෙනස්කම් දැඩි බලපෑමක් ඇති කරන බවට විශ්වාස කළහැකි බවත් එම තත්වය සමනය කරගැනීම සඳහා වි...
ඉදිරි කාලය තුළ කෘෂිකාර්මික අංශයේ වර්ධනය සඳහා කාලගුණික වෙනස්කම් දැඩි බලපෑමක් ඇති කරන බවට විශ්වාස කළහැකි බවත් එම තත්වය සමනය කරගැනීම සඳහා විසඳුම් සොයාගැනීම රට ඉදිරියේ ඇති අභියෝගය බවත් අගමැතිවරයා පවසයි.
පසුගිය වසර කිහිපය තුළ නිෂ්පාදන සහ සේවා ක්ෂේත්‍රයේ දියුණුවක් ඇති වුවද කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ එතරම් දියුණුවක් ඇති නොවූ බව පෙන්වා දුන් අගමැතිවරයා පවසන්නේ රටේ ආර්ථිය සම්බන්ධයෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අප අත්පත් කරගන්නා වර්ධනය තීරණාත්මක වන බවයි.
ආර්ථික වර්ධනය වෙනුවෙන් ව්‍යවසායකයන් අතර තරගකාරීත්වයක් ඇති කිරීම මෙන්ම නව මුදල් නීති සම්පාදනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව පවසයි.
COMMENTS