ඔක් 6, 2017 12:15 කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ප්‍රදර්ශනය නියමිත පරිදි හෙට සහ අනිද්දා පැවැත්වීමට පාලනාධිකාරිය තීරණය ක...
ඔක් 6, 2017 12:15
කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ප්‍රදර්ශනය නියමිත පරිදි හෙට සහ අනිද්දා පැවැත්වීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.
අභ්‍යන්තර සිසු ගැටුමක් හේතුවෙන් කැලණිය සරසවියේ පීඨ කීපයක් දින නියමයක් නොමැතිව වසා දැමුණද ප්‍රදර්ශනය නියම කරගත් දින දෙකේ පැවැත්වීමට තීරණය කර බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.
මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, අද පෙරවරුවේ රැස්වූ පීඨාධිපතිවරුන්ගේ කමිටුව මේ තීරණය ගත් බවයි.
විශ්වවිද්‍යාලය වසා දැමුණ ද, ප්‍රදර්ශන සඳහා පැමිණීමට සිසුන්ට අවසර ලබා දී තිබේ.
COMMENTS