මුදල් අමාත්‍යංශය යටතේ පැවති ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයිය රවී කරුණානායක මහතා විදේශ ඇමති වීමෙන් අනතුරුව ඔහුගේ ඉල්ලීම පිට විදේශ ...
මුදල් අමාත්‍යංශය යටතේ පැවති ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයිය රවී කරුණානායක මහතා විදේශ ඇමති වීමෙන් අනතුරුව ඔහුගේ ඉල්ලීම පිට විදේශ අමාත්‍යංශයට විශේෂ ගැසට් පත්‍රිකාවකින් පවරා දෙනු ලැබූ අතර, පසුව රවී කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව අදාළ ආයතන දෙක නැවතත් මුදල් අමාත්‍යංශයට ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කරන ලදී.
නීතිඥ ෂර්මිලා පෙරේරා මෙනවිය දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ පුද්ගලික ලේකම්වරිය ලෙස ක්‍රියාකළ අතර එක්සත් ජාතික පක්ෂයේ දීර්ඝ ක්‍රියාකාරිණියක් වශයෙන් කටයුතු කළ තැනැත්තියකි.
ඇයගෙන් පුරප්පාඩු වන ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ධූරය සඳහා අගමැතිවරයාගේ ඉල්ලීම පිට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පත් කිරීමට නියමිත වේ. නිශ්ශංක නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂයේ දීර්ඝ කාලයක සිට නීති ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබයි.
COMMENTS