ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති ලෙස ග්‍රැහැම් ලැබ්රෝයි පත්කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ හිටපු තේරීම් ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති ලෙස ග්‍රැහැම් ලැබ්රෝයි පත්කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය ඇතුළු තේරීම් කමිටුව ඉන්දිය තරගාවලියෙන් පසුව ඉල්ලා අස්වීමත් සමගිනි.
ක්‍රික්ඉන්ෆෝ පුවත් සේවය පවසන්නේ ලැබ්රෝයි මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාද මේ බව තහවුරු කළ බවයි. තේරිම් කමිටුවේ අනෙකුත් සාමාජිකයන් කවුරුන්දැයි යන්න තවමත් වාර්තා නොවේ.
ලැබ්රෝයි මේ වන ජාත්‍යන්තර ක්‍රිකට කවුන්සිලයේ තරග තීරකයෙකු ලෙස කටයුතු කරන හෙයින් එම තනතුර තේරීම් කමිටු සභාපති තනතුර බාර ගැනීමට ගැටලුවක් ඇත්දැයි යන්න මෙන්ම ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උපදෙස් ලබාගනිමින් සිටින බව වාර්තා වෙයි.
1986-1992 කාලයේදී ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 9කට හා එක්දින තරග 44කට ක්‍රීඩා කර තිබේ.

COMMENTS