මැයි මාසයේ සිට මේ දක්වා ඩොලර් 400,000 ක මහජන මුදලක් යොදාගෙන පුද්ගලික ගුවන් ගමන් 26 ක නිරත වීම සම්බන්ධයෙන් ඔහු සමාව ඉල්ලා සිටියේය. ඇමරික...
මැයි මාසයේ සිට මේ දක්වා ඩොලර් 400,000 ක මහජන මුදලක් යොදාගෙන පුද්ගලික ගුවන් ගමන් 26 ක නිරත වීම සම්බන්ධයෙන් ඔහු සමාව ඉල්ලා සිටියේය.
ඇමරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් හැරුණු විට සියලුම රාජ්‍ය නිලධාරීන් සිය රාජකාරිවලට අදාළ ගුවන් ගමන්වලදී වාණිජ ගුවන් ගමන්වල යෙදීමට වරප්‍රසාද ලබයි. නමුත් ජනතා බදු මුදලින් පුද්ගලික ගුවන් ගමන්වල යෙදීමට ඔවුන්ට අවසර නැත.
කෙසේ නමුත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලයේ තවත් සාමාජිකයන් තිදෙනෙක් ද රාජකාරි අතරවාරයේ පුද්ගලික ගුවන් ගමන්වල යෙදීම සම්බන්ධයෙන් මේ වන විට විමසුම් ඇසට ලක් වී සිටිති.
ධවල මන්දිරයේ ප්‍රකාශවලට අනුව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ටොම් ප්‍රයිස්ගේ මෙම ඉල්ලා අස්වීම භාරගෙන තිබේ. සෞඛ්‍ය අතිරේක ලේකම් වශයෙන් කටයුතු කරන ඩොන් ජේ. රයිට් ඒ වෙනුවට වැඩ බලන සෞඛ්‍ය ලේකම්වරයා වශයෙන් නම් කර ඇත.
ටොම් ප්‍රයිස්ගේ පුද්ගලික ගුවන් ගමන් තොරතුරු මුලින්ම අනාවරණය කළේ දේශපාලන පුවත් වෙබ් අඩවියක් වන Politico විසිනි. එයට අනුව ප්‍රයිස්ගේ ගුවන් ගමන් වියදම ඩොලර් මිලියනය ඉක්මවන බව හෙළි වී තිබේ. එයට ප්‍රයිස්, බදු ගෙවන්නන්ගේ මුදල්වලින් යෙදුණු ගුවන් ගමන්වලට අමතරව හමුදා ගුවන්යානාවක් යොදාගෙන සිදුකළ සංචාරයන්ගේ විස්තර ද ඇතුළත් ය. ඊට අමතරව වොෂින්ටන් පෝස්ට් පුවත්පත ද ට්‍රම්ප්ගේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ ගුවන් ගමන් විස්තර හෙළි කරමින් සිටියි.
ඒ අනුව,
- අභ්‍යන්තර කටයුතු ලේකම් රයන් සින්කේ විසින් පසුගිය ජූනි මාසයේ බදු ගෙවන්නන්ගේ මුදල් ඩොලර් 12,000 ක් වියදම් කරමින් පුද්ගලික ගුවන් යානාවකින් ලස් වේගස් සිට මොන්ටානා දක්වා පුද්ගලික ජෙට් යානාවකින් පියාසර කිරීම
- පසුගිය මාසයේ පැවති සූර්යග්‍රහණය දැක බලා ගැනීම සඳහා භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මුන්කින් සිය බිරිඳ සමග යෙදුණු් පුද්ගලික සංචාරය
- පාරිසරික ආරක්ෂණ ඒජන්සියේ ප්‍රධානී ස්කොට් පෘට් විසින් වාණිජමය නොවන, එනම් පුද්ගලික ගුවන් ගමන් සඳහා බදු ගෙවන්නන්ගේ මුදලින් ඩොලර් 58,000 ක් වියදම් කිරීම යන කරුණු මේ වන විට ට්‍රම්ප්ගේ පරිපාලනය තවදුරටත් මතභේදයට ලක් කරන කරුණු වශයෙන් කරළියට පැමිණෙමින් තිබේ.
- අමාලි ජයවීර
COMMENTS