සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති සෞඛ්‍ය සේවා පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමේ උත්සවයක දී ඊට සහභාගි වූ අයට පිළුණු ...
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති සෞඛ්‍ය සේවා පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමේ උත්සවයක දී ඊට සහභාගි වූ අයට පිළුණු වූ ආහාර ලබාදීමේ සිද්ධියක් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක සුගතදාස මහතාගේ නියෝග මත විමර්ශනයක් අරඹා ඇත.
මෙම අවස්ථාවේ පත්වීම් ලිපි ලබා ගැනීම සඳහා 3000 කට ආසන්න පිරිසක් සහභාගි වී ඇති අතර ඔවුන්ගේ ඥාතින්ද උත්සවයට සහභාගි වී ඇත.
මේ අනුව උත්සවයට සහභාගි වූ පිරිස 5000 ක් පමණ වූ බවත් ඔවුන් සඳහා දිවා ආහාරය පෞද්ගලික සමාගමක් වෙතින් ගෙන්වා තිබු බවත් පැවැසේ.
දිවා ආහාර ලබා ගන්නා වේලාව වන විට එම ආහාර පාර්සල් සියල්ල පිළුණු වී තිබී ඇති අතර මේ සම්බන්ධව ක‍්‍රීයාත්මක වූ අමාත්‍යංශය ආහාර ඇණවුමේ ගෙවීම් සියල්ල අත් හිටවූ බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධ පරික්ෂණ පවත්වා තමන් වෙත වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යංශ ලේකම්වරයා නිලධාරින්ට උපදෙස් දී ඇත.
COMMENTS