මු ලතිව් නයාරූ ගුරුකන්ද විහාරස්ථානයේ අයිතිය ඉල්ලමින් පැමිණි නීරාවිඅඩි කෝවිලේ පිරිසක් සහ පළාතේ ප‍්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසක් විසින් විහාරස...
මුලතිව් නයාරූ ගුරුකන්ද විහාරස්ථානයේ අයිතිය ඉල්ලමින් පැමිණි නීරාවිඅඩි කෝවිලේ පිරිසක් සහ පළාතේ ප‍්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසක් විසින් විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ සහ භාරකරු මරා වළලන බවට තර්ජනය කර තිබෙනවා.
එම අවස්ථාවේදී මුලතිව් පොලිසියට ඒ පිළිබඳ තොරතුරු දැනුම් දීමෙන් පසුව පොලිසිය පැමිණ එම ගැටුම සමථයකට පත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදීද පිල්ලයාර් කෝවිලේ පිරිස විසින් භික්ෂූන් වහන්සේගෙන් විහාරස්ථානයේ ඉඩම් ඔප්පුව ඉල්ලමින් උන්වහන්සේට තර්ජනය කර තිබෙනවා.
ඒ අනුව කෝවිලේ පිරිස විසින් භික්ෂූන් වහන්සේ සහ විහාරස්ථානය බලා ගන්නා පුද්ගලයා සමග ඇතිකර ගත් ආරවුල පොලිසියටද මැඬ පැවැත්වීමට නොහැකි තරමට උත්සන්න වී තිබූ අතර පොලිසිය ඉදිරිපිටම කෝවිලේ පිරිස විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේට හා විහාරස්ථානය රැක බලා ගන්නා පුද්ගලයාට මරණීය තර්ජන එල්ල කර තිබුණා.
මෙලෙස පැමිණි පිරිස අතර දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභාව මුලතිව් දිස්ත‍්‍රික්කයෙන් නියෝජනය කළ ටී. රවිහරන් මන්ත‍්‍රීවරයාද සිට ඇති අතර ඔහු ජනතාව උසි ගන්වමින් ගුරුකන්ද විහාරයේ හිටපු භික්ෂූන් වහන්සේ අපවත් වූ පසුව වෙනත් අයට අයිතියක් නොමැති නිසා වර්තමානයේ සිටින භික්ෂූන් වහන්සේට විහාරස්ථානයෙන් පිටව යන ලෙසට තර්ජනය කර ඇති බවයි වාර්තා වුනේ.

COMMENTS