1951.09.18 දින මහනුවර දිස්ත්‍රික්කයේ හඟුරන්කෙතදී උපත ලැබූ ඒ මහතා පොරමඩුල්ල ම.ම.විදුහලෙන් උසස් පෙල සමත්ව , 1971-1975 කාලය තුල සිය විද්...
1951.09.18 දින මහනුවර දිස්ත්‍රික්කයේ හඟුරන්කෙතදී උපත ලැබූ ඒ මහතා පොරමඩුල්ල ම.ම.විදුහලෙන් උසස් පෙල සමත්ව , 1971-1975 කාලය තුල සිය විද්‍යාවේදී රාජ්‍ය පරිපාලන විශේෂ උපාධිය ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් ලබා ඇත්තෙකි.
1977 පාර්ලිමේන්තු මැතිවරණයේදී පළමුවරට කොමියුනිස්ට් පක්ෂයෙන් හඟුරන්කෙත කොට්ඨාශයට තරඟ කළ දිසානායක මහතා 1994 මහ මැතිවරණයේදී පළමුවරට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත් විය,
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය යටතේ ප්‍රබල කැබිනට් අමාත්‍යධූරයක් වන යෞවන කටයුතු , ක්‍රීඩා, ග්‍රාම සංවර්ධන හා සමෘද්ධි ඇමැතිවරයා ලෙස සුවිශේෂී මෙහෙයක් ඉටු කරමින් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ඉහලම තැනකට ඔසවා තබන්නට සමත් වූ ඒ මහතාගේ ධූර කාලය තුල මළල ක්‍රීඩාවෙන් ඔලිම්පික් පදක්කමක් දිනා ගන්නටද , ක්‍රිකට් ලෝක ශූරතාවයද දිනා ගන්නටද ශ්‍රීලංකාවට හැකි විය.
දුප්පත්කම පිටුදැකීම සඳහා දිසානායක මහතා ආරම්භ කළ සමෘද්ධි ව්‍යාපාරය අදටත් ඉතා ශක්තිමත් දිළිඳුකම පිටුදැකීමේ වැඩපිළිවෙලක් වන අතර සමෘද්ධි ලාභීන්ගේ අරමුදලින් ගොඩ නැගූ සමෘද්ධි බැංකු ජාලය සතු වත්කම් ප්‍රමානය දකුණු ආසියාවේ එවැනි කිසිදු ව්‍යාපාරයකට දෙවැනි නොවේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ උසස් අධ්‍යාපන ඇමැති ධූරය හෙබවූ දිසානායක මහතා තම ධූර කාල සීමාවේදී විශ්ව විද්‍යාල සිසුන්ට තිබූ විශාල ගැටළුවක් වන නේවාසිකාගාර ගැටළුවට පිලියම් කරමින් 24000ක් දෙනා හට නව නේවාසික පහසුකම් ඇති කළ අතර සිසුන්හට නායකත්ව පුහුණුව, කවිතා වැඩසටහන හා විශ්ව විද්‍යාල සඳහා නවීන ගොඩනැගිලි හා පහසුකම් ලබා දීමටත්, ආචාර්යවරුන්ගේ වැටුප් හා පහසුකම් පිළිබඳ ප්‍රශ්ණ බොහොමයකට පිළිතුරු සැපයූ ඇමතිවරයෙක් විය.
COMMENTS