විදුලි සේවකයන් දින 6ක කාලයක් ගෙන ගිය වැඩවර්ජනය හේතුවෙන් මෙම මස පාරිභෝගිකයා ගෙවිය යුතු විදුලි ගාස්තු ඉහළ ගොස් තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 34...
විදුලි සේවකයන් දින 6ක කාලයක් ගෙන ගිය වැඩවර්ජනය හේතුවෙන් මෙම මස පාරිභෝගිකයා ගෙවිය යුතු විදුලි ගාස්තු ඉහළ ගොස් තිබේ.
එය ප්‍රතිශතයක් ලෙස 34% ක් පමණ වෙයි. වැඩවර්ජනය හේතුවෙන් සාමාන්‍ය පරිදි විදුලි බිල සටහන් කරන දිනට වඩා එය දින 7ක පමණ කාලයක් ප්‍රමාද වී ඇත. ඒ අනුව පරිභෝජන කරන විදුලි ඒකක ගණන ඉහළ යාම සිදු වෙයි. විදුලි බිල සැකසෙන්නේ ඒ මොහොත වන විට පරිභෝජනය කර ඇති විදුලි ඒකක ගණනට වන අතර නියමිත දින ඉක්මවා සතියක පමණ කාලයක් ගතව ඇති හෙයින් විදුලි බිල වැඩි වීම සාමාන්‍ය දෙයකි. ඒ අනුව සාමාන්‍යයෙන් රු.2200ක පමණ විදුලි බිල්පතක් ලැබෙන නිවසකට මෙම මස එම ගාස්තුව රු.3150කට ආසන්න මුදලක් දක්වා වැඩි වී තිබේ.
වැඩවර්ජනයෙන් අවසානයේ සිදු වූයේ සුපුරුදු ලෙස ජනතාව තවදුරටත් පීඩාවට පත්වීමය. පිරිසක් දින පහක් පමණ විදුලිය විසන්ධි වීමෙන් පිඩා විඳි අතර සෙස්සන් බියෙන් පසු වූයේ කොයි මොහොතේ විදුලිය විසන්ධි වේවිද යන සැක සහිත සිතුවිල්ලෙනි. සැක බිය ඉවත් කරමින් වැඩ වර්ජනය නිම වුවද එහි වන්දියද අවසානයේ ගෙවීමට සිදුව ඇත්තේ ජනතාවටය.
අඩුම තරමේ වැඩවර්ජකයන් රටට පැවසු කාරණාව හෝ ඉටු වුවා නම් කම් නැත. වැටුප් වැඩිවීමක් නොව දූෂිත වැටුප් වැඩිවීම නිවැරදි කරන ලෙස ඉල්ලු වෘත්තීය සමිති වර්ජනය අවසන් කළේ ඔවුන්ද 13%න් වැටුප් ඉහළ දමා ගනිමිනි. අවසානයේ සිදු වුයේ ආයතනය අභ්‍යන්තරයේ එදිරිවාදිකම් පිරිමසා ගැනීමය. දැන් පෙනෙන්නට ඇති ආකාරයට ඔවුනොවුන් සාමදානය. ඒ වෙනුවෙන් ජනතාව තවදුරටත් සිය පසුම්බිය හිස් කර ගත යුතුව ඇත.
-ආශිකා බ්‍රාහ්මණ
COMMENTS