ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින තම සහෝදරයා වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා පරිසර ඇමැති ධුරය ලබාගෙන ආණ්‌ඩුවට සහාය දැක්‌වීමේ සූදානමක් තිබූ බව මහනුවර ...
ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින තම සහෝදරයා වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා පරිසර ඇමැති ධුරය ලබාගෙන ආණ්‌ඩුවට සහාය දැක්‌වීමේ සූදානමක් තිබූ බව මහනුවර දිස්‌ත්‍රික් එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ ඊයේ (09) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී ය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ කෙහෙලිය රඹුක්‌වැල්ල මහතා ද ආණ්‌ඩුවට පැමිණීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා එජාපයේ නායකයන් සමඟ කිහිප වතාවක්‌ම සාකච්ඡා පැවැත්වූ බව ද හෙතෙම සඳහන් කළේය.
එහෙත් වැදගත් ගෞරවනීය පුද්ගලයන් පමණක් යහපාලන ආණ්‌ඩුවට ඇතුළු කර ගන්නා බැවින් ඔවුන් දෙදෙනා ආණ්‌ඩුවට නොගත් බවත් ජනතාවගේ අපකීර්තියට ලක්‌වූ අය මේ ආණ්‌ඩුවට බඳවා නොගන්නා බවත් ඔහු පැවසී ය.
වරප්‍රසාද නොමැති බැවින් ඔවුන්ට විපක්‍ෂයේ සිටීමට නොහැකි නිසාත් ඔවුන්ගේ විවිධ වැරදි වසා ගැනීමට අවශ්‍ය නිසාත් මෙලෙස ඔවුන් ආණ්‌ඩුවට පැමිණීමට උත්සාහ කළත් ජනාධිපති සහ අගමැති එය ප්‍රතික්‍ෂේප කළ බව ද ආනන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS