දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දළදා මාලිගාව ඉදිරිපිට අැත්ගොව්වන් සත්‍යග්‍රහයක (VIDEO)
Homeප්‍රවෘත්ති

දළදා මාලිගාව ඉදිරිපිට අැත්ගොව්වන් සත්‍යග්‍රහයක (VIDEO)

PropellerAds

වනජීවි දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින අලි ඇතුන් වහා නිදහස් කර මහනුවර ඇසළ පෙරහර මංගල්‍ලයට සහභාගිවීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් ඇත් ගො...

ගෝටාට බිලියන 11ක මුල්‍ය වංචා නඩු තියෙනවා.. ඔහු මීලග ජනාධිපති නොවේ.. ජනාධිපති එජාපයෙනුයි - මංගල
duminda dissanayake
ජනාධිපතිවරණයට ස්ථිරවම එනවා.. දිවි හිමියෙන් රට රකිනවා.. ගෝඨාභය පරදවනවා - ඇමති සජිත්
දළදා මාලිගාව ඉදිරිපිට අැත්ගොව්වන් සත්‍යග්‍රහයක (VIDEO)

වනජීවි දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින අලි ඇතුන් වහා නිදහස් කර මහනුවර ඇසළ පෙරහර මංගල්‍ලයට සහභාගිවීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් ඇත් ගොව්වන් පිරිසක් ඊයේ (09) ශ්‍රි දළදා මාලිගාවේ මහා මඵව ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත විය.

හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ මෙවර දළදා පෙරහර මංගල්‍ලය සඳහා සහභාගිවන අලි ඇතුන්ගේ ඇත් ගොව්වන් රැසක් මීට සහභාගී වූ අතර එහිදී ඔවුන් කියා සිටියේ ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයාගේ ලිඛිත පොරොන්දුවක් ලැබෙන තුරු මෙම සත්‍යග්‍රහය අවසන් නොකරන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇත් ගොව්වන් කියාසිටින්නේ මේ වනවිට අලි ඇතුන් 39 දෙනෙකු වනජීවී දෙපාර්තමේන්තුවේ රක්ෂිත සහ රැඳවුම් මධ්‍යස්ථානවල ගාල් කර ඇති බවත් එම නිසා තම ජීවන වෘත්තියටද බලපෑම් එල්ලවී ඇති බවත්ය.

සත්‍යග්‍රහය පිළිබඳව අදහස් වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශකළේ නීති විරෝධීව ළඟ තබා ගත් බව කියන අලින් අධිකරණ නියෝගයකට අනුව වනජීවී භාරයට ගත් බවත් අලි ඉල්ලා උද්ඝෝෂණ කළත් නීතිය අතට ගැනීමට ඉඩදීමට කිසිවිටක තමා සුදානම් නැති බවත් අදාළ පිරිස් පෙරහර කඩාකප්පල් කිරීමට ගෙනයන මෙම වැඩපිළිවෙළ වත්මන් රජය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ය.

කෙසේවෙතත් ඊයේ රාත්‍රියේ දෙවන කුඹල් පෙරහැර අලි ඇතුන් සහිතව වීදි සංචාරය කෙරුණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දළදා මාලිගාව ඉදිරිපිට අැත්ගොව්වන් සත්‍යග්‍රහයක (VIDEO)
දළදා මාලිගාව ඉදිරිපිට අැත්ගොව්වන් සත්‍යග්‍රහයක (VIDEO)
http://ift.tt/2aJhzh4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/video_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/video_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy