ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයාට හා අමාත්‍යාංශයේ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 59ක මුදලක් ඉල්ලා ආණ්ඩු පක්ෂය පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ (09) ප...
ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයාට හා අමාත්‍යාංශයේ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 59ක මුදලක් ඉල්ලා ආණ්ඩු පක්ෂය පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ෆීල්ඩ් මාෂල්, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
පුද්ගල පඩි නඩි, ගමන් වියදම්, කාර්යාලයීය අවශ්‍යතා ආදී පුනරාවර්තන වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 46ක මුදලක්ද, ගොඩනැගිලි වාහන ආදී මූලධන වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 12ක මුදලක්ද ඉල්ලා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇත.
මෙය ඉදිරියේදී සම්මත වීමට නියමිතය.
COMMENTS