දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැඳුම්කර සමාගමේ මිලියන 177.4 ක් අරක්කු සමාගමකට.
Homeප්‍රවෘත්ති

බැඳුම්කර සමාගමේ මිලියන 177.4 ක් අරක්කු සමාගමකට.

PropellerAds

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් වර්ෂ 2015 ජනවාරි 01 දින සිට වර්ෂ 2016 සැප්තැම්බර් 30 දක්‌වා කාලයේදී රු. මිලියන 920 ක ලාභයක්‌ තම සමාගම...

කොළඹ පුරපති සටන උණුසුම්: කොළඹ තීන්දුව මනෝ අතේ? රනිල්ගෙන් රෝසි, මෛත්‍රීගෙන් සාලි
ශ්‍රී ලංකන් - මිහින් ලංකා ගැන සෙවීමටත් ජනපති කොමිසමක්
මහනුවර සිට හම්බන්තොටට පුළුල් මාර්ග පද්ධතියක්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් වර්ෂ 2015 ජනවාරි 01 දින සිට වර්ෂ 2016 සැප්තැම්බර් 30 දක්‌වා කාලයේදී රු. මිලියන 920 ක ලාභයක්‌ තම සමාගම් සමූහයේ වෙනත් සමාගම් තුනකට මාරුකර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා ඊයේ (11 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේදී කීවේය.

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගම, පර්පෙචුවල් ඇසට්‌ මැනේඡ්මන්ට්‌ සමාගම සහ පර්පෙචුවල් කැපිටල් හෝල්ඩිංග්ස්‌ සමාගම යන සමාගම් තුනට මෙසේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ලාභ මාරු කර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගුණතිලක මහතා කීවේය.

මෙසේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ලාභ බැඳුම්කර ගනුදෙනු සිදුකිරීම හරහා එම සමාගම් සමුහයේම වෙනත් සමාගම්වලට මාරු කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතාගෙන් සාක්‌ෂි විමසමිනි.

මීට ප්‍රතිචාර දක්‌වමින් පලිසේන මහතා කීවේ අදාළ බැඳුම්කර ගනුදෙනු හරහා එම සමාගම් (ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගම, පර්පෙචුවල් ඇසට්‌ මැනේඡ්මන්ට්‌ සමාගම සහ පර්පෙචුවල් කැපිටල් හෝල්ඩිංග්ස්‌ සමාගම) වෙළෙඳ ලාභයක්‌ ලබා ගෙන ඇති බවත් එසේම පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ඒ අනුව වෙළෙඳ අලාභයක්‌ ලබාගෙන ඇති බවත්ය.

කොමිසමේ සාමාජික ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කසුන් පලිසේන මහතා මේ බව කීවේය.

මත්පැන් නිෂ්පාදනය කිරීමට :

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම බැඳුම්කර ගනුදෙනු හරහා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගමට රු. මිලියන 177.4 ක ලාභයක්‌ද, පර්පෙචුවල් ඇසට්‌ මැනේඡ්මන්ට්‌ සමාගමට රු. මිලියන 354.4 ක ලාභයක්‌ සහ පර්පෙචුවල් කැපිටල් හෝල්ඩිංග්ස්‌ සමාගමට රු. මිලියන 388.4 ක ලාභයක්‌ද වශයෙන් රු. මිලියන 920 කට අධික මුළු ලාභයක්‌ මාරු කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කසුන් පලිසේන මහතාට යෝජනා කළේය.

එම ගනුදෙනුවලින් අදාළ සමාගම් වෙළෙඳ ලාභ උපයා ගැනීමට සමත් වී ඇති බවද එම ගනුදෙනු වෙළෙඳපොළට වාර්තා නොකළ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කසුන් පලිසේන මහතා පිළිගත්තේය.

මේ බැඳුම්කර ගනුදෙනු කළේ වෙළෙඳපොළ ඵලදා අනුපාතවලටද එසේත් නැතහොත් විශේෂ අනුපාතයකටද යනුවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පලිසේන මහතා කීවේ ඒ සඳහා ඩීල් ටිකට්‌ පරීක්‌ෂා කළ යුතු බවයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම සහ එම සමාගම් සමුහයේ වෙනත් සමාගම් තුනක්‌ අතර එම ගනුදෙනු සිදු වූ ආකාරය උදාහරණ දක්‌වමින් කසුන් පලිසේන මහතාගෙන් ප්‍රශ්න කළ අතර ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගමේ මූලික ව්‍යාපාර කටයුත්ත බැඳුම්කර ගනුදෙනු සිදුකිරීම නොව මත්පැන් නිෂ්පාදනය කිරීම බවද පලිසේන මහතා කොමිසම හමුවේ පිළිගත්තේය.

මේ ගනුදෙනු සිදුකිරීම සඳහා වරින්වර අර්ජුන් ඇලෝෂියස්‌ මහතාගෙන් උපදෙස්‌ ලැබී තිබෙනවා නේදැයි මිලින්ද ගුණතිලක මහතා ඇසූ ප්‍රශ්නයට පලිසේන මහතා "ඔව්" යනුවෙන් පිළිතුරු දුන්නේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කර සමාගමේ මිලියන 177.4 ක් අරක්කු සමාගමකට.
බැඳුම්කර සමාගමේ මිලියන 177.4 ක් අරක්කු සමාගමකට.
http://ift.tt/2xtwnk0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/1774.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/1774.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy