දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහනුවර සිට හම්බන්තොටට පුළුල් මාර්ග පද්ධතියක්
Homeප්‍රවෘත්ති

මහනුවර සිට හම්බන්තොටට පුළුල් මාර්ග පද්ධතියක්

PropellerAds

මහනුවර සිට හම්බන්තොට දක්වා ම ශීඝ්‍රයෙන් ගමන් කළ හැකි මාර්ග පද්ධතියක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසී...

චන්ද‍්‍රිකා ආණ්ඩු විරෝධි වේදිකාවට.. මුලින් ගෝලයන් යවයි
ජනපති ගෝටාභයගේ නායකත්යෙන් ලංකාව කොරෝනා පැරදුවා… WHO ලොවටම කියයි… ලංකාවේ ක‍්‍රමය ලොවටම කියන්න වීඩියෝවක්
තෙල් නැව බේරා ගත්තාට ලංකාවට ලැබිය යුතු ඩොලර් මිලියන 700 ක ත්‍යාග මුදල සිංගප්පුරු සමාගමක් ඩැහැ ගනී
මහනුවර සිට හම්බන්තොටට පුළුල් මාර්ග පද්ධතියක්

මහනුවර සිට හම්බන්තොට දක්වා ම ශීඝ්‍රයෙන් ගමන් කළ හැකි මාර්ග පද්ධතියක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව සොයා බැලීමේ නිරීක්‍ෂණ චාරිකාවට සහභාගි වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා පසුගියදා (21) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.

එමෙන්ම කොළඹ නගරයේ සහ මහනුවර නගරයේ වාහන තදබදය අඩු කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

රටේ ආර්ථික සංවර්ධනය සඳහා මාර්ග තදබදය විශාල ප්‍රශ්නයක් වී තිබෙන බැවින් ඊට විසඳුමක් ලෙස කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් අවශ්‍ය බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සෑම තැනම මාර්ග ඉදි කරනවා වෙනුවට යම් සැලැස්මක් අනුව මාර්ග ඉදිකිරීම රජයේ අරමුණ බව ද අවධාරණය කළේය.

අගමැතිවරයා මෙසේ අදහස් දැක්වීය.

 “රටේ ආර්ථිකය දියුණු වීමේ දී මාර්ග පහසුකම් අත්‍යවශ්‍යයි. සෑම තැනම මාර්ග ඉදි කරනවා වෙනුවට යම් සැලැස්මක් අනුව මාර්ග ඉදිකිරීම අපේ අරමුණයි. මහනුවර සිට හම්බන්තොට දක්වා ම ශීඝ්‍රයෙන් ගමන් කළ හැකි මාර්ග පද්ධතියක් ඉදිකිරීම අපේ බලාපොරොත්තු වී තිබෙනවා. එමෙන්ම තවත් බලාපොරොත්තුවක් වන්නේ කොළඹ නගරයේ සහ මහනුවර නගරයේ වාහන තදබදය අඩු කිරීමයි. අපගේ නව මාර්ග ඉදිකිරීමේ වැඩසටහන නිසා එම නගරවල තදබදයන් බෙහෙවින් අඩුවේවි. මීට අමතරව සැහැල්ලු දුම්රිය යෙදවීම වැනි වැඩසටහන් ද ක්‍රියාත්මක කරනවා. මේ සියලුම දේ අපේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍යයි. වාහන තදබදය නිසා ආර්ථිකයට වන හානිය අප හොඳින්ම අත්දැක තිබෙනවා. එමෙන්ම සමාජ ජීවිතයටත් විශාල කරදරයක් වී තිබෙනවා. එම සියලු කරුණු අවබෝධ කර ගෙන ක්‍රමානුකූල ව ඊට විසඳුම් සෙවිය යුතුයි. මාර්ග තදබදය වැඩි වූ විට බොහෝ දෙනෙක් දෝෂාරෝපණය කරන්නේ ආණ්ඩුවටයි. එම සාමාන්‍ය තත්ත්වයක්. එම නිසා මෙම තදබදයට විසඳුම් ලබා දීමට අප ක්‍රියා කරනවා. මෙම ගුවන් පාලම නිසා මේ ප්‍රදේශයේ වාහන තදබදයට විසඳුමක් ලැබේවි. "

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහනුවර සිට හම්බන්තොටට පුළුල් මාර්ග පද්ධතියක්
මහනුවර සිට හම්බන්තොටට පුළුල් මාර්ග පද්ධතියක්
http://ift.tt/2BX2KGY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_874.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_874.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy