දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකන් - මිහින් ලංකා ගැන සෙවීමටත් ජනපති කොමිසමක්
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකන් - මිහින් ලංකා ගැන සෙවීමටත් ජනපති කොමිසමක්

PropellerAds

අද රටම කථා කරන බැඳුම්කර කොමිසමේ වාර්තාව තමන්ට ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ මිහින් එයාර් ගුවන් සේවය පිළිබඳව  සොයා බැලීමට ද න...

"අවවාද කරන්න දේකුත් නැහැ එයාට - වෙල්ගම අපෙන් වෙන් වෙලා කියලා මම නම් හිතන්නේ නැහැ" - මහින්ද
දිගම්බරන්ගේ ඉවසීමේ සීමාව පනී - ආණ්ඩුවටත් රතු එළියක්
"කුමාර වෙල්ගම ප්‍රබල දේශපාලඥයෙක් - තව දෙන්නෙක් විතර ගැලවුනොත් අපි ගරුසරු ඇතිව පිළිගන්නවා" - ෆොන්සේකා
ශ්‍රී ලංකන් - මිහින් ලංකා ගැන සෙවීමටත් ජනපති කොමිසමක්

අද රටම කථා කරන බැඳුම්කර කොමිසමේ වාර්තාව තමන්ට ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ මිහින් එයාර් ගුවන් සේවය පිළිබඳව  සොයා බැලීමට ද නව කොමිසම් දෙකක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් සමග ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබේ.

කුමන අභියෝගවලට මුහුණදීමට සිදු වුවද පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් වූ තම කැපවීම අත් නොහරින බව ජනාධිපතිවරයා පවසයි.

යහපත් දේශපාලන සංස්කෘතියක් මතු පරපුර වෙනුවෙන් උරුම කරදීමේ වගකීම කවුරුන් හෝ ඉටු කිරීම අද ජාතියේ අවශ්‍යතාවයක් බවට පත්ව ඇති අතර, තමා එම යුග මෙහෙවරට උරදී සිටින විට රටට ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඒ වටා ඒකරාශිවනු ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

වංචාව දූෂණය පිටුදැකීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ අද රටම කථා කරන බැඳුම්කර කොමිසමේ වාර්තාව ලැබීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකා ගුවන් සේවය සහ මිහින් එයාර් ගුවන් සේවය පිළිබඳව සොයා බැලීමට ද නව කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බවයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ලෙස ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් නොකර, රටට ආදරය කරන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය නොහැකි බව ද සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තමා අපේක්ෂා කරන්නේ පක්ෂයෙන් වර්ණවත්වන ඇමතිවරුන්, මන්තී‍්‍රවරුන් හෝ අපේක්ෂකයින් නොව ඔවුන්ගෙන් පක්ෂය වර්ණවත්වීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම රාජ්‍ය බලයෙන්, ධන බලයෙන් හෝ නිල බලයෙන් මෙවර පළාත් පාලන මැතිවරණය ජයග‍්‍රහණය කළ නොහැකි බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා නව මැතිවරණ ක‍්‍රමයට අනුව එය බුද්ධියෙන් ජයග‍්‍රහණය කළයුතු මැතිවරණයක් බව ද කියා සිටියේය.

යම් අපේක්ෂකයෙකුගේ හැසිරීම, චරිතය සහ ජනතා පිළිගැනීම පැහැදිළිව ඔහුගේ ජයග‍්‍රහණයට හේතු වන බවද සඳහන් කළ ජනාධිපතිතුමා රටට ආදරය කරන සැබෑ චරිතවත් මහජන නියෝජිතයින් පිරිසක් මෙවර මැතිවරණයේදී ජයග‍්‍රහණය කරනු ඇති බවද සඳහන් කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ සංවිධාන කටයුතු පිළිබඳ මෙම හමුවේදී දීර්ඝවශයෙන් සාකච්ඡාවට ලක් වී තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකන් - මිහින් ලංකා ගැන සෙවීමටත් ජනපති කොමිසමක්
ශ්‍රී ලංකන් - මිහින් ලංකා ගැන සෙවීමටත් ජනපති කොමිසමක්
http://ift.tt/2D2yNEY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_793.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_793.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy