එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ පුරපති අපේක්ෂකයා ලෙස අසාද් සාලි මහතා නම්කර තිබේ. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය පෙරේදා (21) කොළඹ මහ න...
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ පුරපති අපේක්ෂකයා ලෙස අසාද් සාලි මහතා නම්කර තිබේ.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය පෙරේදා (21) කොළඹ මහ නගර සභාවට නාම යෝජනා බාර දුන්නේය.
අසාද් සාලි මහතා කොළඹ නගර සභාවේ හිටපු නියෝජ්‍ය පුරපතිවරයෙක්ද වෙයි.
එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ පුරපති අපේක්ෂක ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝසි සේනානායක මහත්මිය පත්කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා බාරදීමෙන් පසුව කොළඹ මහ නගර සභාව සඳහා පමණක් පුරපති අපේක්ෂකත්වය නම් කර ඇති අතර, අනෙකුත් සියලුම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශිය සභාවල නගරාධිපති, උප නගරාධිපති හා සභාපති යන තනතුරු විවෘතව තැබීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.
රෝසි සේනානායක මහත්මිය මේවන විට අගමැතිවරයාගේ කාර්ය මණ්ඩලයේ මාණ්ඩලික ප්‍රධානි තනතුරේද කටයුතු කරයි.
රෝසි සේනානායක මහත්මිය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කොට තිබුණද, මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමට අසමත් විය.
අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසන්නේ කොළඹ මහනගර සභාව සඳහා දමිළ ප්‍රගතිශීලී සන්ධානය, එකමුතු ප්‍රගතිශීලි සන්ධානය ලෙස ඉනිමඟ ලකුණින් තරඟවදින බවයි.
නාමයෝජනා බාර දීමෙන් අනතුරුව මනෝ ගනේෂන් මහතා මෙසේ අදහස් දැක්වීය. “කොළඹ මහ නගර සභාවේ අපිට හිමි කොටස අපි ලබාගන්නවා. කවුද කොළඹ මහ නගර සභාව පාලනය කරන්නේ කියන එක ගිය වකවානුවෙත් අපි තමා තීරණය කළේ. මේ සැරේ ක්‍රමය පොඩ්ඩක් වෙනස්. ඒ සැරේ නිකන් දුන්නා මේ සැරේ නිකන් දෙන්නේ නෑ.“
මේ අනුව යහපාලන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දෙක වන එජාපය සහ ශ්‍රීලනිපය කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමට දැඩි උත්සාහයක් ගන්නා බව වාර්තා වේ.
COMMENTS