ශ්‍රී ලංකා තොරතුරු සංනිවේදන ආයතනයේ වෙබ් අඩවියේ පහල අවසන් කොටසේ පෞද්ගලික ආයතනයක නම සදහන් කර ඇති බව ජාතික ඉංජිනේරු, තාක්ෂණ හා විද්‍යා වෘත්ත...
ශ්‍රී ලංකා තොරතුරු සංනිවේදන ආයතනයේ වෙබ් අඩවියේ පහල අවසන් කොටසේ පෞද්ගලික ආයතනයක නම සදහන් කර ඇති බව ජාතික ඉංජිනේරු, තාක්ෂණ හා විද්‍යා වෘත්තීයවේදීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් පුලස්ති වන්නිආරච්චි මහතා පෙන්වාදෙයි. ඒ මහතා තම මුහුණු පොතේ මෙසේ සදහන් කොට ඇත.
මීට වසරකට පෙර මා වාචිකව ICTA ආයතනයේ නිලධාරීන්ට මෙය සදහන් කලෙමි. ශ්‍රී ලංකා තොරතුරු සංනිවේදන ආයතනයේ වෙබ් අඩවියේ පහල අවසන් කොටසේ පෞද්ගලික ආයතනයක නම සදහන් කර ඇත. www.icta.lk - © 2017 ICTA. All Rights Reserved | ආදාල ආයතනයේ නම. එය කවුරුන් කෙසේ සිදු කලේදැයි නොදනමි. නමුත් ICTA යන්නේ තේරුම නොදන්නා කෙනෙක් විසින් එය සිදුකළ බව නම් පෙනෙන්නට ඇත. මා දන්නා තරමින් ICTA ආයතනයට කිසිදු සමාගමක නිල නාමයන් සදහන් කල නොහැක. එම ආයතනයේ වෙබ් අඩවියෙන් පෞද්ගලික වෙබ් අඩවි නිර්මාණය කරන ආයතනයකට කෙසේ නම සමඟ ලින්ක් එකක් සදහන් කලේද නොදනිමි. මන්ද එම ආයතනය ස්වාධීන අපක්ෂපාතීව තොරතුරු සංනිවේදනයේ නියාමනය සිදුකල යුතු බැවිනි. එමෙන්ම මෙම වෙබ් අඩවියේ අඩුපාඩුවක් දකිමි. සිංහල හා දෙමළ භාෂවෙන් මෙහි කරුණු දක්වා නොතිබීමයි. කැමති නම් වැරැද්ද නිවැරදි කරගන්න. මෙම වැරද්ද පෙන්වීමෙන් තවත් කැපිල්ලක් එන්නට පුළුවන. නමුත් පෙන්වා දෙමි.
ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) යනු, ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට අයත් සමාගමකි. මෙම සමාගම ආර්ථික හා සමාජයීය දියුණුව සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) යොදා ගැනීම සම්බන්ධ කටයුතු ඉටුකරයි. 2010 වසරේදී මෙය සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය යටතේ ඇති සමාගමක් බවට පත්විය. අධ්‍යාපනය හා මානව සම්පත් කළමනාකරණය ඔස්සේ තොරතුරු තාක්ෂණය සඳහා යටිතල ව්‍යූහය ගොඩනංවමින් දිවයිනේ තොරතුරු තාක්ෂණ ශක්‍යතාව හා ඒ සම්බන්ධව පුරවැසියන්ගේ අවබෝධය ඉහළ නැංවීම එහි එක් කාර්යභාරයකි. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියාමනයන් එළිදැක්වීම සහ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතාව පිළිබඳව ලොව දැනුවත් කිරීම ද මෙයින් සිදු වේ.
අපට ආරංචිමාර්ග පෙන්වාදෙන පරිදි මෙහි යම් පිරිසක් ඇමතිවරයාද නොමග යවමින් සිටින බවට වාර්තාවේ.
(Gossip 99)
COMMENTS