වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධ පරීක්ෂණ සඳහා ශිරන්ති රාජපක්ෂගෙන් සහ යෝෂිත රාජපක්ෂගෙන් නැවතත් ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව නුදු...
වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධ පරීක්ෂණ සඳහා ශිරන්ති රාජපක්ෂගෙන් සහ යෝෂිත රාජපක්ෂගෙන් නැවතත් ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව නුදුරේදීම ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවෙනු ඇත.
තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් කෙරෙණ පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන මෙන් කිහිපවතාවක් ම දැනුම් දීමෙන් අනතුරුව පසුගිය අගෝස්තු 15 වනදා ශිරන්ති රාජපක්ෂ CIDය වෙත පැමිණි අතර අගෝස්තු 16 වනදා යෝෂිත රාජපක්ෂ පැමිණියේය. එහිදී ශිරන්ති රාජපක්ෂගෙන් පැය දෙක හමාරක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබුණු අතර යෝෂිතගෙන් ද පැය තුනක පමණ කාලයක් ප්‍රශ්න කර තිබිණි. එම ප්‍රකාශ මත පදනම් වෙමින් විමර්ශන ඉදිරියට ගෙනයාම සඳහා මෙසේ ඔවුන්ව නැවත CIDය වෙත කැඳවෙනු ඇත.
එමෙන්ම තාජුඩීන් ඝාතනයට සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුද ඉතා ඉක්මනින් අත් අඩංගුවට ගැණෙනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS