වත්මන් ඉන්දීය රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් තොරව කටයුතු කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඉන්දියාවේ “ද ඉ...
වත්මන් ඉන්දීය රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් තොරව කටයුතු කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඉන්දියාවේ “ද ඉන්දියන් එක්ස්ප්රෝස්” පුවත් ආයතනය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ මේ හේතුවෙන් මෝඩි රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වෙනස් ආකාරයකින් කටයුතු කරන බවයි.
ඉන්දීය කොංග්‍රස් රජය පැවති සමයේ සිය රජය සමඟ හොඳ අවබෝධයකින් කටයුතු කළ බව පවසන ගෝඨාභය රාජපක්ෂ මහතා එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීම සඳහා ද එම රජයේ සම්පූර්ණ සහය හිමිවූ බව ද ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාව චීනයට සමීප වීම සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව කටයුතු කිරීම සඳහා යොදා ගැනීමට පැවති රජය කිසිඳු අවස්ථාවක ඉඩ ලබානොදුන් බවයි.
යුද සමයේ සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව ද එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසා තිබේ.
ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ සිය හෘද සාක්ෂියට අනුව තමන් කිසිඳු වැරදි දෙයක් සිදුනොකළ බවයි.
කුමන රටක ඇති වූවද යුද්ධය යනු හොඳ දෙයක් නොවන බව පවසන හිටපු ආරක්ෂක ලේකම්වරයා තමන් යුද්ධය ඇති කිරීමට නොව යුද්ධය අවසන් කිරීමට ක්‍රියා කළ බව ප්‍රකාශ කර ඇත.
යුද්ධයක් අවසන් කිරීම පහසු කටයුත්තක් නොවන අතර ත්‍රස්තවාදය හේතුවෙන් හමුදා සාමාජිකයින් මෙන්ම සිවිල් වැසියන්ද මියයන බව සඳහන් කර තිබේ.
COMMENTS