කළුතර ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 8.00 සිට රාත්‍රි 7.30 දක්වා පැය 11.30 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා...
කළුතර ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 8.00 සිට රාත්‍රි 7.30 දක්වා පැය 11.30 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා තිබේ.
ඒ අනුව කළුතර උතුර හා දකුණ, වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර සහ මොරගල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇත.
ඊට අමතරව අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසා ඇත.
විදුලිබල මණ්ඩලයේ නඩත්තු කටයුත්තක් මීට හේතුවී තිබේ.
COMMENTS